gossiplanka alexa මාරාන්තික කොරොනා වෛරස් ප්‍රභේදයක් සීග්‍රයෙන් පැතිරයයි, එන්නත් ඔරොත්තු නොදෙයි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

මාරාන්තික කොරොනා වෛරස් ප්‍රභේදයක් සීග්‍රයෙන් පැතිරයයි, එන්නත් ඔරොත්තු නොදෙයි

කොරෝනා වෛරසයේ නව ප්‍රභේදයක් හඳුනාගෙන ඇති බවත් එය මේ වන විට එංගලන්තයේ ඇතැම් ප්‍රදේශවල වේගයෙන් වර්ධනය වීමක් දක්නට ඇති බවත් බී.බී.සී මාධ්‍ය වාර්තා කර සිටිනවා. 

එම වෛරස ප්‍රභේදය දරුණු රෝගයක් ඇති කිරීමට හේතුවිය හැකි බවත් එය එන්නත් සඳහා ද ඔරොත්තු දෙන නිසා එන්නත් ද ක්‍රියාත්මක නොවන බවත් බ්‍රිතාන්‍ය සෞඛ්‍ය ලේකම්වරයා පවසනවා.

මේ විට අවම වශයෙන් එංගලන්තයේ ප්‍රදේශ 60කටවත් මෙම වෛරසය ව්‍යාප්තව ඇති බවත් එම ප්‍රදේශවලින් ආසාදිතයින් හමුවී ඇති බවත් ඔහු පවසනවා.

මේ පිළිබඳව ලෝක සෞඛ්‍ය සංවිධානය ද දැනුවත් කර ඇති අතර එක්සත් රාජධානියේ විද්‍යාඥයින් පිරිසක් ද සවිස්තරාත්මක අධ්‍යයනයක නිරතව සිටිනවා.

මෙම ප්‍රභේදයේ වෛරසය ආසාදිත රෝගීන් මේ වන විට 1000ක් පමණ හඳුනාගෙන ඇති අතර එය කොතරම් දුරට පැතිර ඇත්දැයි කිව නොහැකි බව සෞඛ්‍ය ලේකම්වරයා පවසනවා.

මෙම මාරාන්තික රෝගය සඳහා ඉක්මන් සහ තීරණාත්මක ක්‍රියාමාර්ග ගත යුතු බවත් දැනට ඇති එන්නත්වලට ද මෙම වෛරසය විනාශ කල නොහැකි බැවින් එය පාලනය කිරීමට ද අවශ්‍ය පියවර ගත යුතු බවත් ඔහු පවසනවා.

Source : BBC NEWS

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu