gossiplanka alexa පොළොන්නරු වනෝද්‍යාන ගවයින් හඳුනා නොගත් රෝගයකින් මිය යයි, සියළුම සතුන්ට බෝවීමේ අවදානමක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

පොළොන්නරු වනෝද්‍යාන ගවයින් හඳුනා නොගත් රෝගයකින් මිය යයි, සියළුම සතුන්ට බෝවීමේ අවදානමක්

පොළොන්නරුව ප්‍රදේශයේ ගවයින්ට හඳුනා නොගත් රෝගයක් වැළඳී ඇති බව ආරංචි මාර්ග සඳහන් කරනවා. පොලොන්නරුව ජල ගැලූම් නිම්න ජාතික වනෝද්‍යානයට අයත් සේරුවිල, විල්ලූව හා හඳපාන් විල්ලූවට ඇතුල් කර සිටින ගවයින්ට මෙම රෝගය වැළඳී ගවයින් 25ක් පමණ මේ වන විට මියගොස් ඇති බවයි වාර්තා වන්නේ. 
 
ප්‍රදේශවාසීන්ගෙන් ලැබුණු තොරතුරකට අනුව වනජීවී නිලධාරීන් පිරිසක් අදාළ ප්‍රදේශවල නිරීක්ෂණය කිරීමේ දී මෙසේ මියගිය ගවයින් සොයා ගෙන තිබෙනවා. මෙය වසංගත රෝග තත්ත්වයක් බවට අනුමාන කරන බවයි පොලොන්නරුව වනජීවී සහකාර අධ්‍යක්ෂ කාර්යාලයේ වන සත්ත්ව අඩවි ආරක්ෂක කුමාරසිරි විජේකෝන් මහතා සඳහන් කරන්නේ.

වනජීවී දෙපාර්තමේන්තුව අනතුරු අඟවා සිටින්නේ මෙම රෝගය වනෝද්‍යානයේ අනෙක් සතුන්ට ද බෝවීමේ බරපතල අවදානමක් ඇති බවයි.

ගිරිතලේ පශු වෛද්‍ය ඒකකයෙන් මේ සම්බන්ධව පරීක්ෂණ සිදු කරන අතර රෝගී ගවයින් සොයා කඩිනමින් ප්‍රතිකාර ලබා දීමට ද නියමිතව තිබෙනවා. කෙසේ වෙතත් ගෘහාශ්‍රිත සතුන් වනෝද්‍යානය තුළට ඇතුල් කිරීමෙන් වළකින ලෙස වනජීවි දෙපාර්තමේන්තුව ප්‍රදේශවාසීන්ගෙන් ඉල්ලා සිටිනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu