gossiplanka alexa මාරාන්තික නව කොරෝනා ප්‍රභේදය තවත් රටවල් කිහිපයක, රටවල් 26ක් බ්‍රිතාන්‍ය ගුවන් ගමන් අත් හි‍ටුවයි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

මාරාන්තික නව කොරෝනා ප්‍රභේදය තවත් රටවල් කිහිපයක, රටවල් 26ක් බ්‍රිතාන්‍ය ගුවන් ගමන් අත් හි‍ටුවයි

බ්‍රිතාන්‍යයෙන් වාර්තා වූ කොවිඩ් වෛරසයේ නව ප්‍රභේදය මේ වන විට රටවල් 04කට ව්‍යාප්ත වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. දැනට ව්‍යාප්ත වෙමින්පවතිනකොවිඩ් වෛරසයට වඩා 70 ගුණයක් වේගයෙන් මෙම අළුත් වෛරසය ව්‍යාප්තවන බවයි බ්‍රිතාන්‍ය විද්‍යාඥයින් පවසන්නේ.
 
දැනට මෙම වෛරසය ආසාදිත පුද්ගලයින් බ්‍රිතාන්‍යය, ඉතාලිය, ඩෙන්මාර්ක්, නෙදර්ලන්තය සහ ඕස්ට්‍රේලියාවෙන් වාර්තා වී තිබෙනවා. ඉතාලියේ රෝම නගරයට පැමිණි බ්‍රිතාන්‍ය සංචාරකයෙකුට මෙම කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබෙනවා.

මේ හේතුව නිසා ප්‍රංශය, ජර්මනිය, ඉතාලිය, අයර්ලන්තය, කැනඩාව, සෞදි අරාබිය, ඉන්දියාව, බෙල්ජියම, පෝලන්තය, ඔස්ට්‍රියා, ෆින්ලන්තය, බල්ගේරියාව ඇතුළු රටවල් 20 කට අධික සංඛ්‍යාවක් බ්‍රිතාන්‍ය ගුවන් ගමන් තහනම් කිරීමට පියවර ගෙන තිබෙනවා.

ප්‍රංශයේ සෞඛ්‍ය ඇමතිවරයා පවසා ඇත්තේ පරීක්ෂණ වලින් හෙළි නොවූවද තම රටේ ද මෙම නව කොරෝනා වෛරසය ව්‍යාප්තවෙමින් පැවතිය හැකි බවයි.

මේ අතර ඇති වී තිබෙන තර්ජනාත්මක තත්ත්වය හේතුවෙන් යුරෝපා සංගමය හදිසි ‍රැස්වීමක් කැඳවා තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu