gossiplanka alexa මහනුවර පාසැල් විවෘත කිරීම කල් යයි, බෝගම්බර හුදකලා කෙරේ

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

මහනුවර පාසැල් විවෘත කිරීම කල් යයි, බෝගම්බර හුදකලා කෙරේ

කෝවිඩ් -19 වෛරස ව්‍යාප්තිය සැලකිල්ලට ගනිමින් වසා දැමූ මහනුවර නගර සීමාවේ පාසැල් විවෘත කිරීම තවත් සතියකින් කල් දැමීමට තීරණය වී තිබෙනවා. 

මහනුවර නගර සීමාව තුළ පාසැල් 45ක් සහ අකුරණ ප්‍රදේශයේ පාසැල් 05 එසේ වසා දමනු ලැබුවා. එම පාසැල් තවදුරටත් දෙසැම්බර් 14 දක්වා වසා දැමීමටයි අනුව තිරණය වී ඇත්තේ. එම පාසැල් දෙසැම්බර් 0 වන දින විවෘත කිරීමට නියමිතව තිබුණා.

කෙසේ වෙතත් දඹුල්ල ගලේවෙල ප්‍රදේශයේ වසා දැමුණු පාසැල් ලබන සඳුදා සිට විවෘත කිරීමට තීරණය වී ඇති බවයි සඳහන් වන්නේ.

මේ අතර නව කොරෝනා වෛරසය ආසාදිත පුද්ගලයින් හමුවීම හේතුවෙන් ඊයේ සවස 6.00 සිට බෝගම්බර ගම්මානය හුදකලා කර ඇති අතර එහි පුද්ගලයින් 1200ක් පමණ සිටින බව සඳහන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu