gossiplanka alexa ගාල්ල පාසැල් වැසේ, දානය ගෙන ගිය ආසාදිතයා නිසා විහාරස්ථානයක් නිරෝධායනයට

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ගාල්ල පාසැල් වැසේ, දානය ගෙන ගිය ආසාදිතයා නිසා විහාරස්ථානයක් නිරෝධායනයට

ගාල්ල අධ්‍යාපන කොට්ඨාශයේ සියළුම පාසැල් අද (07) සිට වසා දැමීමට තිරණය වී තිබෙනවා. ඒපැතිර යන කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන්. 

එම කොට්ඨාශයේ නැවත  පාසැල් විවෘත කරන දිනය සෞඛ්‍ය බලධාරීන් සමඟ සාකච්ඡාකර පසුව දැනුම් දෙනබවයි පළාත් අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම්වරයා සඳහන් කරන්නේ.

එසේම ගාල්ල පොලි වසමේ කොරෝනා ආසාදිතයින් වැඩිපුර හඳුනාගෙන ඇති මකුළුව, දෙද්දුගොඩ උතුර, මිලිද්දුව සහ ඇත්තිලිගොඩ, තලාපිටිය යන ග්‍රාම සේවා වසම්වලට සීමා සහිත සංචරණ සීමා පැනවීමට කටයුතු කර තිබෙනවා.

මේ අතර බන්ධනාගාර ආශ්‍රයෙන් වාර්තා වී ඇති කොරෝනා පොකුර 200 ඉක්මවා ගොස් ඇති බව වාර්තා වනවා. එම පිරිස අතර බන්ධනාගාර නිලධාරීන් 91 දෙනෙකුද සිටිනවා.

කැලණිය සපුගස්කන්ද ප්‍රදේශයේ විහාරස්ථානයක දානය පිරිනැමූ පුද්ගලයෙකුට කොවිඩ් -19 ආසාදනය වී ඇති බවට තහවුරු වීමත් සමඟම විහාරස්ථානයේ ස්වාමීන්වහන්සේලා ඇතුළු පිරිසක් නිරෝධායනයට යොමු කර තිබෙනවා. දානය ‍රැගෙන ගිය පුද්ගලයා එක් වරක් පි.සී.ආර් පරීක්ෂණයට ලක්ව සිටි අයෙක් වන අතර නැවත පී.සී.ආර් පරීක්ෂණයට යොමු කිරීමට නියමිතව සිටිය දී ඉකුත් 29 වන පොහෝ දින මෙලෙස විහාරස්ථානයට දානය ‍රැගෙන ගොස් ඇති බවයි වාර්තා වන්නේ.


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu