gossiplanka alexa මුඛ සෞඛ්‍ය අයපත්නම් නම් කොරෝනා මාරාන්තික විය හැකියි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

මුඛ සෞඛ්‍ය අයපත්නම් නම් කොරෝනා මාරාන්තික විය හැකියි

මුඛ සෞඛ්‍ය දුර්වල මට්ටමක පවතින පුද්ගලයෙකුට නව කොරෝනා වෛරසය ආසාදනය වුවහොත් ඇතිවන සංකූලතා රෝග තත්ත්වය බරපතල වීමට හේතු විය හැකි බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ දන්ත වෛද්‍ය පීඨයේ ක්ෂුද්‍ර ජීව විද්‍යාව පිළිබඳ මහාචාර්ය ජේ.ඒ.එම්.එස් ජයතිලක මහතා පවසනවා. 
 
නිරෝගී මුඛ සෞඛ්‍යයක් ඇති පුද්ගලයෙකුගේ නිතර ඛේටය ශ්‍රාවය වන නිසා මුඛය තුළ පවතින තෙත් ස්වභාවය  එහිඅ එති බැක්ටීරියා සහ වෛරස ක්‍රියාකාරීත්වයට එරෙහිව ක්‍රියාත්මක වනවා, දුර්වල මුඛ සෞඛ්‍යයක් ඇති පුද්ගලයන්ගේ මෙම ක්‍රියාකාරීත්වය සිදු වන්නේ නැහැ. මෙම පුද්ගලය්න්ගේ මුඛාය නිතර වියළි ස්වභාවයක් ගන්නා බැවින් ඔවුන් බෝ නොවන රෝග තත්ත්වයන් හි දී අනෙක් පුද්ගලයින්ට වඩා ඉහළ සංකූලතාවයන්ට ලක්වීමේ අවධානමක් ඇති බවයි වෛද්‍යවරයා පෙන්වා දෙන්නේ.

මුඛයේ ඇති අහිතකර බැක්ටීරියා වෛරස ශරීරයේ අභ්‍යන්තර ඉන්ද්‍රියන් වෙත ගමන් කලහොත් විශේෂයෙන් පෙනහළු තුළට ගමන් කලහොත් කොවිඩ් නිවුමෝනියා තත්ත්වය බවට මාරාන්තික විය හැකි බවයි ඔහු වැඩි දුරටත් පවසා සිටින්නේ. ඇමරිකා එක්සත් ජනපදයේ වාර්තා වූ කොවිඩ් ආසදිත මරණ වැඩි ප්‍රමාණයක් මෙසේ අයහපත් මුඛ සෞඛ්‍ය තත්ත්වයෙන් සිදු වී ඇති බවට මහචාර්යවරයා පවසනවා.

දිනකට දෙවරක්වත් දත් මැදීම, අවශ්‍ය නම් මුඛ සෝදන දියර මඟින් පිරිසිදු කර ගැනීම වගේම දත් බුරුසුවල පිරිසිදු බව ගැන සැලකිලිමත් වීම තුළින්  යහපත් මුඛ සෞඛ්‍ය තත්ත්වයක් පවත්වාගෙන යා හැකි බව මහාචාර්යවරයා පෙන්වා දෙනවා. එසේම දන්ත රෝග තත්ත්වයන් පිළිබඳව අවධානය යොමු කර නිසි වෛද්‍ය උපදෙස් පිළිපැඳීම සිදු කළ යුතු බව ඔහු පෙන්වා දෙනවා.


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu