gossiplanka alexa බස්නාහිර පළාතේ විවාහ උත්සව සහ අනෙකුත් උත්සව තහනම් කෙරේ

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

බස්නාහිර පළාතේ විවාහ උත්සව සහ අනෙකුත් උත්සව තහනම් කෙරේ

බස්නාහිර පළාතේ ඇඳිරි නිතිය ක්‍රියාත්මකවන කාල සීමාව තුළ කිසිදු උත්සවයක් සඳහා අවසර නොලැබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කර සිටිනවා. 

ඒ අනුව එම පළාතේ ඇඳිරිනීති කාල සීමාව තුළ කිසිදු විවාහ උත්සවයක්,ප්‍රදර්ශනයක් හෝ මහජනතාව ඒකරාශීවන කටයුත්තක් සිදු කිරීම තහනම් වනවා.

එසේම බස්නාහිර පළාත තුළ ඇඳිරි නීතිය දැමීමෙන් පසුව එම පළාතෙන් කිසිවෙකුට පිටවීමට හෝ එම පළාතට කිසිවෙකුට හෝ ඇතුල්වීම සපුරා තහනම්වනවා. එහෙත් අත්‍යාවශ්‍ය සේවා සිදු කරන පුද්ගලයින්ට පමණක් සිය රාජකාරී කටයුතු සඳහා අවසර හිමිවනවා.

හෙට මධ්‍යම රාත්‍රියේ සිට බස්නාහිර පළාතට ඇතුල්වන අධිවේගී මාර්ග ඇතුළු සියළුම ස්ථානවල විශේෂ පොලිස් මාර්ග බාධක යෙදවීමට කටයුතු කර තිබෙනවා. කිසියම් පුද්ගලයෙකුට බස්නාහිර පළාතට ඇතුල්වීමට අවශ්‍ය නම් ඇඳිරි නීතිය දැමීමට පෙර සිය ගමනා ගමන කටයුතු සිදු කරන ලෙස පොලීසිය දන්වනවා.

කෙසේ වෙතත් අ.පො.ස උසස් පෙළ සිසුන්ට සහ එහි රාජකාරී සිදුකරන කාර්ය මණ්ඩලයට බාධාවකින් තොරව සිය කටයුතු සිදු කරගෙන යාමට ඉඩ සලසා තිබෙනවා.


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu