gossiplanka alexa දත්තයන් හරියාකාරව නොලැබීම වසංගතය පැතිර යාම දරුණු වීමට හේතුවිය හැකියි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

දත්තයන් හරියාකාරව නොලැබීම වසංගතය පැතිර යාම දරුණු වීමට හේතුවිය හැකියි

කොවිඩ් -19 වෛරසය දරුණු ලෙස හිස එසවීමට පටන් ගෙන ඇති මෙවන් අවස්ථාවක ඒ පිළිබඳව දත්තයන් නිසියාකාරව බෙදා දිය යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.

එම සංගමයේ සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ මහතා කියා සිටින්නේ වසංගත රෝග නිවාරන අංශයේ සිටින සමහර අය තමන් සතුවෑති කොවිඩ් - 19 දත්ත බෙදා නොදී කටයුතු කරන බවයි. සෞඛ්‍ය අංශයේ මෙහෙයුම් මැදිරියට එම දත්තයන් ලැබී නොමැති බවත් මෙහෙයුම් මැදිරිය සක්‍රීය වන්නට නම් දත්ත ලැබිය යුතු බවත් ඒ මහතා පවසනවා. 

මෙවන් අවස්ථාවක දේශපාලන නායකත්වය, සෞඛ්‍ය අංශ සහ ධාරිතාව සහ මහජනතාවගේ දායකත්වය විසින් ගනු ලබන තීන්දු තීරණ හෝ ක්‍රියාමාර්ග අතිශයින් වැදගත් වන බව ඒ මහතා කියා සිටිනවා. එසේම මෙම අවස්ථාව අපගේ සෞඛ්‍ය පද්ධතිය ප්‍රතිව්‍යුහගත වීම මේ අවස්ථාව බව ඔහු පවසනවා. 

රෝග ලක්ෂණයන් නොපෙන්වන ආසාදිතයින් බොහෝ පිරිසක් සමාජය තුළ සිටිය හැකි බව එම සංගමය අනතුරු අඟවා තිබෙනවා. මේ වන විට දිස්ත්‍රික්ක 18කට මෙම වසංගතය ප්‍රචලිතව තිබෙන බැවින් මේ වෙලාවට ගත යුතු තීරණ නිවැරදිව ගත යුතු බවයි ඔවුන් පෙන්වා දෙන්නේ. 

එසේ කිරීමට නම් අවදානම තක්සේරු කළ යුතුව ඇතැයි ඔවුන් පෙන්වා දෙනවා.

රටට ගැළපෙන බෙහෙත් වට්ටෝරුව දෛනිකව දිය යුතු බවත්, ජනතාවට විතරක් මෙහි බර පැටවීම නුසුදුසු බවත් මේ සම්බන්ධයෙන් තාක්ෂණික උපදෙස් දීමට වසංගත රෝග අංශය බැඳී සිටින බවත් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පවසනවා.

දිවයිනේ සියළුම වැඩ බිම් තුළ සේවකයින් 500 දෙනා බැඟින් කොටස් කර එම සේවකයින් එම කොටසට පමණක් සීමා කිරීමේ පියවර ගත්තා නම් මිනුවන්ගොඩ පොකුර මේ තරම් වැඩි නොවනු ඇති බවයි ඔහු පෙන්වා දෙන්නේ.

ඔහු තව දුරත් කියා සිටින්නේ මෙම වසංගතය දේශපාලන කෝණයකින් නොගන්නා ලෙස වෛද්‍ය සංගමය සියළු දෙනාගෙන් ඉල්ලා සිටිනවා. පී.සී.ආර් පරීක්ෂණ ප්‍රතිශතය අඩු වී ඒවායේ වාර්තා ලැබීම ප්‍රමාද වීමෙන් ස්පර්ශකයන් සොයා යන ප්‍රතිශතය අඩුවන බව ඔවුන් අවධාරණය කර සිටිනවා.

හඳුනාගත් ප්‍රදේශවලට සංචරණ සීමා පැනවිය යුතු අතර දිස්ත්‍රික් මට්ටමින් සංචරණ සීමා කල යුතු බවත් ඔවුන් පවසනවා. එසේ සංචරණ සීමා පැනවීමට නම් නිවැරදි දත්ත අවශ්‍ය බැවින් එම දත්ත නොසඟවා වසංගත රෝග අංශ මඟින් ලබා දිය යුතු බව වෛද්‍ය සංගමය පෙන්වා දෙනවා. එසේ එම දත්තයන් නොලැබීම බරපතල තත්ත්වයක් බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

මේ වන විට මිනුවන්ගොඩ කොරෝනා පොකුර නිසා වසංගත රෝගය පැතිර යෑමේ අනතුරක් දක්නට ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu