gossiplanka alexa සුඛෝපභෝගී බස් රථ රියදුරු, කොන්දොස්තරට කොරෝනා - තවත් කොරෝනා විත්ති

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

සුඛෝපභෝගී බස් රථ රියදුරු, කොන්දොස්තරට කොරෝනා - තවත් කොරෝනා විත්ති

මි
නුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් කොරෝනා පොකුරෙන් තවත් අසාදිතයින් 17 දෙනෙකු වාර්තා වීමත් සමඟ බ්‍රැන්ඩික්ස් පොකුරේ සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 1700 ඉක්මවා ඉහළ ගොස්තිබේ. 

නව ආසාදිතයින් 17දෙනා අතරින් 05 දෙනෙකු දැනට නිරෝධායන මධ්‍යස්ථානවල සිටින අය වන අතර සෙසු 12 දෙනා ඔවුන්ගේ ආශ්‍රිතයන් බව සෞඛ්‍ය අංශ නිවේදනය කළේය. 

ක‍ටුනායක පොලිස් බල ප්‍රදේශයට අද (15)  අලුයම 5.00 සිට නැවත දැනුම් දෙනතුරු නිරෝධායන ඇඳිරි නීතිය බලපැවැත්වෙන බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා නිවේදනය කළේය.

මේඅතර, ක‍ටුනායක නිදහස් වෙළඳ කලාපයෙන් කොවිඩ් ආසාදිතයින් 72ක් වාර්තා වී තිබිණි. වෙළඳ කලාපයේ සේවකයින්ට තම ආයතනික හැඳුනුම්පත ඇඳිරි නීති හැඳුනුම්පත ලෙස භාවිතා කළ හැකි බව රජය නිවේදනය කළේය.

කොළඹ ජාතික රෝහලේ ICU හෙද නිලධාරිනියකටත් කොවිඩ්


කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ සේවයේ නියුතු මතුගම ප්‍රදේශයේ පදිංචි හෙද නිලධාරිනියකට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවත්, ඇය මේ වන විට කළුතර, නාගොඩ රෝහලට ඇතුළත් කර තිබෙන බවත් සෞඛ්‍ය අංශ ඊයේ (14) තහවුරු කළේය.

මේ නිසා ආසාදිත හෙදියගේ ආශ්‍රිතයන් 12 දෙනෙකුගේ පී.සී.ආර් පරීක්ෂණ සිදු කර තිබේ. 

පිළියන්දල කහපොළ පිරිවෙන් විහාරයක සංඝයා වහන්සේ 69 ඇතුළු 89ක් නිරෝධායනයට

තවද පිළියන්දල, කහපොළ ප්‍රදේශයේ පිරිවෙන් විහාර්ස්ථානයක භික්ෂූන්වහන්සේ 69 නමක් ඇතුළු 89 දෙනෙකු එම විහාරස්ථානය තුළම නිරෝධායනයට ලක් කිරීම සඳහා සෞඛ්‍ය අංශ කටයුතු යොදා ඇත.

වත්තල 18ක්ට කොරෝනා-පවුල් 85ක් නිරෝධායනයට

වත්තල ප්‍රදේශයේ කොරෝනා ආසදිතයින් 18 දෙනෙකු හඳුනාගෙන තිබේ.

වත්තල පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා පැවැසුවේ වත්තල, හැඳල, බෝපිටිය සහ උස්වැටකෙයියාව යන ප්‍රදේශවලින් මෙම ආසාදිතයින් වාර්තා වන බවය.

මේ හේතුවෙන් එම ප්‍රදේශවල පවුල් 85ක් නිරෝධායනයට ලක් කර ඇත. 

කොළඹ කොරෝනා ව්‍යාප්තිය වැළැක්වීමට කණ්ඩායම් 06ක්

මේ අතර කොළඹ නගරය තුළ කොරෝනා වෛරසය පැතිරයාම වැළැක්වීමේ මෙහෙයුම් සඳහා කණ්ඩායම් 06ක් සේවයේ යොදවා තිබෙන බව කොළඹ මහ නගර සභාවේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී වෛද්‍ය රුවන් විජේමුණි මහතා පවසයි.

වෛරසය ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් සොයා ගෙන ඉන් ඔබ්බට පැතිරවීම වැළැක්වීම හා කොළඹ නගරයෙන් පිටතට පැතිර යෑම වළක්වා ගැනිම සඳහා එම කණ්ඩායම් යෙදවූ බව වෛද්‍ය රුවන් විජේමුණි මහතා සඳහන් කරනවා. 

ආසාදිතයින් වශයෙන් ගම්පහින් 36ක් මිනුවන්ගොඩින් 38ක් දිවුලපිටියෙන් 34ක් සීදුවෙන් 42ක් ගැන වාර්තා

දැනට නිතිය ක්‍රියාත්මක වනගම්පහ ප්‍රදේශයෙන් කොවිඩ් ආසාදිතයින් 36 දෙනෙකුත්, දිවුලපිටියෙන් 34 දෙනෙකුත් නිරෝධායන ඇඳිරි නීතිය නොමැතිව සීදූව උපදේශනයෙන් කොවිඩ් ආසාදිතයින් 42කුත් වාර්තාවන බව යුද හමුදාපතිවරයා පැවසීය.

ඊට අමතරව කොළඹින් ආසාදිතයින් 07ක්, කුරුණෑගල, කිරිඳිවැල, ගණේමුල්ල ප්‍රදේශවලින් 4-8ත් අතර ආසාදිතයින් සංඛ්‍යාවක් වාර්තාවනවා. 

ගම්පහ දිස්ත්‍රික්කයේ පවුල් 2781ක් නිරෝධායනයට

කොරෝනා වසංගතය හේතුවෙන් ඊයේ (14)වන විට ගම්පහ දිස්ත්‍රික්කයේ පවුල් 2781ක් නිරෝධායනයට යොමු කර ඇතැයි ගම්පහ දිස්ත්‍රික් ලේකම් සුනිල් ජයලත් මහතා පවසයි. මේ ආතරින් වැඩිම පිරිසක් නිරෝධායනයට යොමුකර ඇත්තේ මිනුවන්ගොඩ (876), දිවුලපිටිය (607), කටාන (278), අත්තනගල්ල (208) යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවලින් අතර අවම පිරිසක් නිරෝධායනයට යොමු කර ඇත්තේ කැළණිය ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේය. එය පවුල් හයකි. 

මතුගම - කොළඹාධිවේගයේ බස් රථ හිමියෙකුට රියදුරුට, කොන්දොස්තරට කොරෝනා

මතුගම - කොළඹාධිවේගී මාර්ගයේ ධාවනය වූ සුඛෝපභෝගී බස් රථහිමිකරුවෙකුට එහි රියදුරාට සහ කොන්දොස්තරවරයාට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බව වාර්තාවනවා.

මතුගම ප්‍රදේශයේ නවුත්තුඩුව,මතුගම සහ ඕවිටිගල යන ප්‍රදේශවල පදිංචිකරුවන් තිදෙනෙකු මෙසේ ආසාදිත තත්ත්වයට පත්ව තිබෙනවා.

කොළඹ ප්‍රදේශයේ සේවය කරන රෝහල් කාර්ය මණ්ඩල සේවකයෙක්, වෙනත් රාජ්‍ය සේවකයින් ව්‍යාපාරිකයින් සහ පොදු මහජනතාව මෙම බස් රථයෙන් ගමන් කර තිබෙන බවත් එකී පුද්ගලයින් කිහිප දෙනෙකු ද කොරෝනා පරීක්ෂාවට ලක් කර ඇති බවත් ඉතිරි අය සොයා විමර්ශන කටයුතු සිදු කරන බවත් වාර්තා වනවා

මෙමබස් රථයේ ගමන් ගත් කොළඹ ජාතික රෝහලේ හෙද නිලධාරිණියකට කොවිඩ් වෛරසය ආසාදිත බව තහවුරු වී තිබෙනවා.

මෙසේ ආසාදිතයින් හමුවීමත් සමඟම කොළඹ පුද්ගලික බස්නැවැතුම්පොළ අසල වෙළඳසැල් 14ක් වසා දැමීමට කටයුතු කර තිබෙනවා.

ගල්කිස්ස ඉසුරු උයනේ ව්‍යාපාරිකයෙකුට කොරෝනා


ගල්කිස්ස ප්‍රදේශයේ ප්‍රසිද්ධ පාසලක පැවති පහේ ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටි ඇති දියණියකගේ පියාටද කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බව වාර්තා  වනවා. ගල්කිස්ස ඉසුරු උයනේ පදිංචි මෙම ආසාදිතයා ක‍ටුනායක නිදහස් වෙළඳ කලාපයේ ඇඟලුම් කර්මාන්තශාලාවලට අවශ්‍ය නූල්, බොත්තම්, සිපර්, ඉදික‍ටු වැනි අමුද්‍රව්‍ය සපයන පුද්ගලයෙක්. ඔහු ප්‍රතිකාර සඳහා වැලිකන්ද ප්‍රදේශයේ රෝහලකට යොමු කර තිබෙනවා. ඔහුගේ නිවසේ බිරිය, දරු දෙදෙනා, ළඟින් ඇසුරු කළ පුද්ගලයින් ඇතුළු නව දෙනෙකු බිංගිරිය ප්‍රදේශයේ නිරෝධායන මධ්‍යස්ථානයක් වෙත යොමු කර තිබෙනවා. 

උපුටා ගැනීම - මවුබිම



ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu