gossiplanka alexa වෛරසයේ මූලාශ්‍රයක් සොයා ගැනීමට නොහැකි වීම අවදානම්, කොරෝනා රෝගීන් 07ක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

වෛරසයේ මූලාශ්‍රයක් සොයා ගැනීමට නොහැකි වීම අවදානම්, කොරෝනා රෝගීන් 07ක්

මාජය තුළ මූලාශ්‍රයක් සොයා ගත නොහැකිව කොරෝනා වෛරසය ආසාදිතයැයි සොයා ගත් පළමු රෝගියා ඊයේ (04) හඳුනාගත් කාන්තාව බව විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා ප්‍රකාශකර සිටිනවා.

ගම්පහ රෝහලේ දී කොරෝනා ආසාදිත යැයි හඳුනාගත් මෙම රෝගියා අහඹු ලෙස සිදු කළ පරීක්ෂණ වලින් සොයා ගැණුනු අයෙක්. මේ හේතුව නිසා එවන් රෝගීන් බොහොමයක් සමාජයේ තව දුරටත් සිටිය හැකි බවයි වෛද්‍ය සුදත් සමරවීර මහතා කියා සිටින්නේ.

හැකිතරම් සමාජයට නිරාවරණය නොවී සිටින ලෙස ජනතාවගෙන් මේ නිසා ඉල්ලා සිටිනවා.

මේ අතර ඊයේ දිනයේ සිට අද දිනය දක්වා කොරෝනා වෛරසය ආසාදිත රෝගීන් 7ක් හඳුනාගෙන තිබෙනවා. ඉන් දෙදෙනෙක් ඊයේ හඳුනාගත් දිවුලපිටිය ප්‍රදේශයේ කාන්තාව සහ ඇයගේ දියණිය වන අතර අනෙක් පිරිස විදේශයන් හි සිට මෙරටට පැමිණ නිරෝධායනය වන අයයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu