gossiplanka alexa කොළඹ කොරෝනා වෛරස පාලනයෙන් ගිලිහෙයිද?

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

කොළඹ කොරෝනා වෛරස පාලනයෙන් ගිලිහෙයිද?

කොළඹ මහ නගරසභා සීමාවේ සිදු කළ අහඹු පී.සී.ආර් පරීක්ෂණවලින් හා ආශ්‍රිතයින්ගෙන් කොරෝනා දෙවැනි ‍රැල්ලෙන් පසු මේ වන විට ආසාදිතයින් 1,087 දෙනෙකු ගැන වාර්තා වී ඇතැයි කොළඹ මහ නගර සභාවේ වසංගත රෝග වෛද්‍යවේදිනී දිනුකා ගුරුගේ මහත්මිය පවසනවා.

ඔක්තෝබර් 26 වැනිදා රාත්‍රී 12 වනවිට පෑලියගොඩ පොකුර වාර්තා වීමෙන් පසුව සිදුකල පරීක්ෂණ 5,300කට අධික සංඛ්‍යාවකින් ආසාදිතයින් 965 දෙනෙකු වාර්තා වී තිබෙනවා. පසුගිය මාර්තු මාසයේ සිට මේ දක්වා කොළඹ මහ නගර සභා සීමාවෙන් හමුවූ වූ කොරෝනා වෛරස ආසාදිතයින් සංඛ්‍යාව 1,1136ක්.

මේ අතර නිවාස 1200ක නිවැසියන් 6,000ක් පමණ සිටින මට්ටක්කුලිය 'සමිට්පුර'නිවාස සංකීර්ණය සංචරණ සීමා පනවා තිබෙනවා. ඒ එම නිවාස සංකීර්ණයෙන් ආසාදිතයින් 20ක් වාර්තා වීම හේතුවෙන්.

කොළම මහ නගර සභා බල ප්‍රදේශය තුළ කොරෝනා වෛරස ව්‍යාප්තිය පාලනය කිරීමේ කටයුතු යම් තරමක් පාලනයෙන් ගිලිහෙමින් පවතින බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපතිවරයා පවසනවා. මරදාන, ග්‍රෑන්ඩ්පාස්, මට්ටක්කුලිය ආදී ප්‍රදේශවලින් වෛරස ආසාදිතයින් විශාල ප්‍රමාණයක් සොයා ගත් බව ඔහු පවසනවා. එලෙස කොරෝනා වෛරස ආසාදිතයින් විශාල වශයෙන් වාර්තා වීම නිසා ඔවුන්ගේ ආශ්‍රිතයන්  සහ ඔවුන් ආගිය ස්ථාන හඳුනාගැනීම අතිශය දුෂ්කර වී ඇති බව සභාපතිවරයා පවසනවා.

''මේ තත්ත්වය සරල නෑ, ගොඩක් පිරිසකට කොරෝනා ආසාදනය වෙන්න ගත්තම ඔවුන්ගේ ආශ්‍රිතයින් සොයන එක ඉතාම දුෂ්කරයි. කොළඹ මහ නගර සහා බල ප්‍රදේශයේ මෙවැනි තත්ත්වයක් නිර්මාණය වෙලා තියනවා. මේ වගේ වැඩිවෙන්න ගත්තොත් ආශ්‍රිතයින් පසුපස හඹා යන්න අපේ පිරිස ප්‍රමාණවත් නෑ'' සභාපතිවරයා වැඩි දුරටත් පවසා තිබෙනවා. 


මූලාශ්‍ර : මවුබිම පුවත්පත

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu