gossiplanka alexa විදෙස් ටෙලි නාට්‍යවලට බදු, රූපවාහිනී නාලිකා ශ්‍රේණිගත කෙරේ

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

විදෙස් ටෙලි නාට්‍යවලට බදු, රූපවාහිනී නාලිකා ශ්‍රේණිගත කෙරේ

විද්‍යුත්, මුද්‍රිත සහ සමාජ මාධ්‍ය වෙතින් පුද්ගලයන්ට, ආයතනවලට සහ ව්‍යාපාරවලට එල්ල කෙරෙන අනිසි බලපෑම සහ අගතීන් පිළිබඳව ලැබෙන පැමිණිලි සංඛ්‍යාව ඉතා ඉහළ මට්ටමක පවතිනවා. මේ හේතුව නිසා ජනමාධ්‍යවේදීන් සඳහා අභ්‍යාස ආයතනයක් පිහි‍ටුවීමට සැලසුම් කර තිබෙනවා. ඒ ජනමාධ්‍යවේදින්ගේ වෘත්තීය නිපුණතා වර්ධනය වෙනුවෙන්. එසේම පුවත්පත් මණ්ඩල පනත සංශෝධනය කිරීමේ අවශ්‍යතාවය පිළිබඳව ද රජයේ අවදානය යොමුව තිබෙනවා. 

තැපැල් සේවා හා ජනමාධ්‍යවේදී වෘත්තීය සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ ඉදිරි සැලසුම් පිළිබඳව ජනාධිපති කාර්යාලයේ පැවති හමුවවකදී මේ බව සාකච්ඡා කර තිබෙනවා.

එසේම නාලිකාවන් හි ඉල්ලීම මත විදේශ ටෙලි නාට්‍ය විකාශනයේ දී අය කෙරෙන බදු කොවිඩ් කාල සීමාවේ දී ඉවත් කල නමුත් නැවතත් එය සක්‍රීය කිරීමට එහිදී තීරණය විය.

එසේම සමස්ත දිවයිනම ආවරණය වන පරිදි රූපවාහිනී නාළිකා ප්‍රේක්ෂක ප්‍රතිචාර මත ශ්‍රේණිගත කිරීමටද සැලසුම් කර තිබෙනවා. මේ සඳහා කැළණිය විශ්ව විද්‍යාලය සහභාගී කරවා ගැනීමටත් එය අපක්ෂපාතීව සිදු කිරීමටත් මේවන විට සැලසුම් කර ඇති බව සඳහන්. ඊට අවශ්‍ය ප්‍රතිපාදන කඩිනමින් වෙන් කර එය හැකි ඉක්මනින් ක්‍රියාවට නංවනු ඇති.





ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu