gossiplanka alexa භාණ්ඩ ආනයනය සම්බන්ධයෙන් වූ විශේෂ තීරණ, මෝටර් වාහන ආනයනය අත්හි‍ටුවයි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

භාණ්ඩ ආනයනය සම්බන්ධයෙන් වූ විශේෂ තීරණ, මෝටර් වාහන ආනයනය අත්හි‍ටුවයි

ජාතික ආර්ථිකය ශක්තිමත් කිරීම සහ පුනර්ජීවනය කිරීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් නිර්දේශ ඉදිරිපත් කිරීමට ජනාධිපතිවරයා විසින්  පත් කළ තීරුබදු නිර්ණය කිරීමේ කමි‍ටුව අදාළ නිර්දේශ ඉදිරිපත් කර තිබෙනවා. එම නිර්දේශ පරිදි අන්තර්කාලීන පියවරක් වශයෙන් ආනයන විධිමත් කිරීම සඳහා ආනයන්ක භාණ්ඩ, කාණ්ඩ 03කට වර්ගීකරණය කිරීමට නියමිතයි. ඒ අනුව පහත සඳහන් පරිදි කටයුතු සිදු කිරීමට නියමිත වනවා. 

  • දේශීයව වගා කළ හැකි හෝ නිෂ්පාදනය කළ හැකි අත්‍යාවශ්‍ය නොවන භාණ්ඩ, වෙළඳ භාණ්ඩ සහ මෝටර් වාහන ආනයනය තාවකාලිකව අත් හි‍ටුවීම.
  • සැපයුම්කරුවන් විසින් ලබා දෙන ලද ණය පහසුකම් මත හෝ විදේශ විනිමය වැය නොවන පදනම මත ‍තෝරාගත් භාණ්ඩ ආනයනය සඳහා අවසර ලබා දීම.
  • දේශීය කර්මාන්ත, කෘෂිකර්මාන්තය, අපනයන සැකසුම් සහ දේශීය පරිභෝජනය සඳහා අවශ්‍ය ‍තෝරාගත් භාණ්ඩ ආනයනය කිරීම සඳහා අවසර ලබා දීම.

ඒ අනුව, ඉහත සඳහන්පියවරයන් ක්‍රියාත්මක කිරීම සඳහා 1969 අංක 01 දරන ආනයන හා අපනයන (පාලන) පනත යටතේ රෙගුලාසි ප්‍රකාශයට පත් කරමින් නිකුත් කරන ලද අති විශේෂ  ගැසට් නිවේදන හතරක් (04)පාර්ලිමේන්තුවේ අනුමැතියට ඉදිරිපත් කිරීම පිණිස මුදල් අමාත්‍ය වශයෙන් ගරු අගමැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබෙනවා.









ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu