gossiplanka alexa වෛද්‍ය ක්ෂේත්‍රය සම්බන්ධ පැමිණිලි සොයා බලන්න පංච පුද්ගල කමි‍ටුවක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

වෛද්‍ය ක්ෂේත්‍රය සම්බන්ධ පැමිණිලි සොයා බලන්න පංච පුද්ගල කමි‍ටුවක්

වෛද්‍ය ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්ගෙන් සැදුම්ලත් පංච පුද්ගල කමි‍ටුවක්, ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ කටයුතු පිළිබඳව සොයා බැලීමට පත් කිරීමට සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රා වන්නි ආරච්චි මහත්මිය කටයුතු කර තිබෙනවා.

වෛද්‍ය සභා නියෝජිතයින් පත් කිරීම සඳහා පවත්වන්නා වූ නිලවරණය දිගින් දිගටම කල් දැමීම, ජාත්‍යන්තරය පිළිගත් විදේශීය විශ්ව විද්‍යාල කිහිපයක ලියාපදිංචිය අහෝසි කිරීම, අවශ්‍ය අවම අධ්‍යාපන සුදුසුකම්වත් සපුරා නොමැති වෛද්‍යවරු වෛද්‍ය සභාව තුළ ලියාපදිංචියට කටයුතු කිරීම, වෛද්‍ය සභාවේ විෂය පරිපථයට හා පවතින නීතිවලට පරිභාහිරව වෛද්‍ය සභාව තුළ පැමිණිලි විභාග කිරීම සහ විදෙස් වෛද්‍ය උපාධිය ලබාගත් ශිෂ්‍යයින්ගේ වෛද්‍ය උපාධිය ලියාපදිංචි කිරීමට පවත්වනු ලබන විභාගය කල් දැමීම යන කරුණු සම්බන්ධයෙන් සොයා බැලීමට මෙසේ පංච පුද්ගල කමි‍ටුව පත්කර ඇති බවයි සඳහන් වන්නේ.

මෙම කරුණු සම්බන්ධයෙන් වාර්තාවක් ද වෛද්‍ය සභාවෙන් ඉල්ලා සිටීමට අමාත්‍ය පවිත‍්‍රා වන්නිආරච්චි තීරණය කර තිබෙනවා.

පංච පුද්ගල කමි‍ටුවෙන් ලබා දෙන ස්වාධීන වාර්තාව සහ වෛද්‍ය සභාවේ වාර්තාව අධ්‍යයනය කර වෛද්‍ය සභාවේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීමටත් රෝගීන්ට සුරක්ෂිත, ගුණත්මක වෛද්‍ය සේවාවක් ලබා දීමටත් කටයුතු කරන බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu