gossiplanka alexa නුවර එළිය තරු හෝටලයේ නිරෝධායනය වෙමින් සිටි පුද්ගලයෙක් ජීවිතක්ෂයට

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

නුවර එළිය තරු හෝටලයේ නිරෝධායනය වෙමින් සිටි පුද්ගලයෙක් ජීවිතක්ෂයට

https://www.gossiplanka.com/2020/09/quarantine-person-died.html
ඩුබායි රාජ්‍යයේ පෞද්ගලික අංශයක  මානව සම්පත් නිලධාරියෙකු වශයෙන් සේවය කර නව කොරෝනා වෛරසය පැතිරයාමේ අවදානම හේතුවෙන් පසුගිය  01වැනිදා දිවයිනට පැමිණි පුද්ගලයෙකු නුවරඑළිය මහ රෝහලේ දී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. 

ජා-ඇල කොටුගොඩ ප්‍රදේශයේ පදිංචි මොහු සුබ්‍රමණියම් ආනන්දකුමාර් නැමති 56 හැවිරිදි එක්දරු පියෙක්.

නුවරඑළිය පිහිටි තරු පහේ සංචාරක හෝටලයක නිරෝධානයට යොමු කර සිටි මොහු පාදයක තිබු තුවාලයකට විෂබීජ ඇතුල් වීම නිසා ඉකුත් 02 වැනි දින නුවරඑළිය මහ රෝහල වෙත ඇතුළත් කර තිබුණා.ඔහු හදවත් සහ දියවැඩියාව රෝගයෙන් පෙලුණු අයෙකු බවයි ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

මියගිය සුබ්‍රමණියම් ආනන්දකුමාර්ගේ ආදාහනය අද (07) නුවරඑළිය නාගරික ආදාහනාගාරයේදි  කොවිඩ් -19 වැළදුණු රොගියෙකු ආදාහනය කරන ක්‍රියාපටිපාටියට අනුකුලව සිදු කිරීමට පියවර ගෙන තිබුණා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu