gossiplanka alexa පිටරටින් කිරි ගෙන්වීම අඩු කර දේශීය නිෂ්පාදනයට වැඩි අවධානයක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

පිටරටින් කිරි ගෙන්වීම අඩු කර දේශීය නිෂ්පාදනයට වැඩි අවධානයක්

ශු සම්පත්, ගොවිපොළ ප්‍රවර්ධන හා කිරි හා බිත්තර ආශ්‍රිත කර්මාන්ත පිළිබඳ රාජ්‍ය අමාත්‍යාංශයේ ඉදිරි සැලසුම් පිළිබඳව සාකච්ඡාවක් ඊයේ (14) ජනාධිපති කාර්යාලයේ දී පැවැත්වුණා.  එහි දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අදාල නිලධාරීන්ට උපදෙස් දී සිටියේ දේශීය දියර කිරි අවශ්‍යතාව සපුරාලීමට රාජ්‍ය, පෞද්ගලික යන අංශ දෙකෙහිම සහ කුඩා පරිමාණ ගොවීන් සමඟ සම්බන්ධවී කෙටි සහ දිගුකාලීන සැලැස්මක් දියත් කරන ලෙසයි. 

දේශීය කිරි අවශ්‍යතාවයෙන් මෙරට නිෂ්පාදනය කරනු ලබන්නේ 40% ක තරම් වූඅඩු ප්‍රමාණයකි. මේනිසා මෙරට ජනතාවට නැවුම් දියර කිරි පානය සඳහා ඇති අවශ්‍යතාව අහිමි වී තිබෙනවා. තෘණ වගාව, කිරි ගවයන් බෝ කිරීම සහ පර්යේෂණ ආයතන සේවා වැඩිදියුණු කොට කඩිනමින් ඉලක්ක සාර්ථක කර ගැනීමේ අවශ්‍යතාව ජනාධිපතිතුමා  විසින් මෙහිදී පෙන්වා දී තිබෙනවා.

එම සාකච්ඡාව සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මාධ්‍ය අංශය විසින් තැබූ සටහනයි මේ.

උපුටා ගැනීම

''දේශීය දියර කිරි අවශ්‍යතාව සපුරාලීමට රාජ්‍ය, පෞද්ගලික දෙඅංශයේ සහ කුඩා පරිමාණ ගොවීන්ගේ එකතුවෙන් කෙටි සහ දිගුකාලීන සැලැස්මක් දියත් කිරීම පිළිබඳව පශු සම්පත්, ගොවිපොළ ප්‍රවර්ධන හා කිරි හා බිත්තර ආශ්‍රිත කර්මාන්ත පිළිබඳ රාජ්‍ය අමාත්‍යාංශයේ ඉදිරි සැලසුම් පිළිබඳව අද (14) දහවල් ජනාධිපති කාර්යාලයේ පැවති හමුවේදී සාකච්ඡා කෙරිණි.

ඒ සඳහා තෘණ වගාව, කිරි ගවයන් බෝ කිරීම සහ පර්යේෂණ ආයතන සේවා වැඩිදියුණු කොට කඩිනමින් ඉලක්ක සාර්ථක කර ගැනීමේ අවශ්‍ය වේ.

මෙරට වාර්ෂික කිරි අවශ්‍යතාවෙන් දේශීයව නිෂ්පාදනය කරනු ලබන්නේ 40%කට අඩු ප්‍රමාණයකි. පෝෂ්‍යදායක නැවුම් දියර කිරි පානය සඳහා ඇති අවස්ථාව මේ නිසා ජනතාවට අහිමි වී තිබේ. ඉදිරි දශකය තුළ දියර කිරි නිෂ්පාදනය නැංවීමට පියවර ගන්නා බව “සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශයෙන් සැලසුම් සකස් කොට ඇත.

රටේ විවිධ ප්‍රදේශවලට ගැළපෙන කිරි ගව ප්‍රභේද හඳුන්වාදීමට අවශ්‍ය පර්යේෂණ පුළුල් කිරීමට රජය අපේක්ෂා කරයි. කිරි නිෂ්පාදනය නැංවීම සඳහා ඉහළ ගුණාත්මක අගයෙන් යුත් තෘණ වර්ග වගා කිරීම සහ ගව ආහාර නිෂ්පාදනය පිළිබඳව දීර්ඝව සාකච්ඡාවට ලක් කෙරිණ.

සමස්ත දියර කිරි නිෂ්පාදනයෙන් 85%ක් කුඩා පරිමාණ කිරි ගොවීන් විසින් සපයනු ලැබේ. ඔවුන් ශක්තිමත් කර ප්‍රතිශතය වැඩි කිරීමට පියවර ගත යුතු යැයි ආර්ථික පුනර්ජීවනය පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බලකායේ ප්‍රධානී බැසිල් රාජපක්ෂ මහතා පැවසීය. කිරි ලීටරයක නිෂ්පාදන පිරිවැය ඉහළ යාමෙන් ගොවීහූ අධෛර්මත් වී සිටිති. තෘණ ඇතුළු ගව ආහාර සහන ක්‍රමයකට කිරි ගොවීන්ට සැපයීමේ අවශ්‍යතාව බැසිල් රාජපක්ෂ මහතා පෙන්වා දුන්නේය. රාජ්‍ය සහ පෞද්ගලික දෙඅංශයට අවශ්‍ය සත්ව ආහාර නිෂ්පාදනය සඳහා ගොවීන් දිරිමත් කිරීම ආයතනික මට්ටමින් කළ යුතු බව පෙන්වා දෙනු ලැබිණ.

සත්ව ගොවිපොළ ආශ්‍රිත පරිසර ගැටළු විසඳීමට මධ්‍යම පරිසර අධිකාරිය මැදිහත්වීම ඉතා වැදගත්වන අතර එය කිසිවිටෙකත් ගොවියාට බරක් නොවිය යුතුය.

පාරම්පරිකව පවත්වාගෙන යන සත්ව ගොවිපොළ ජනතා පැමිණිලි පදනම් කර ගනිමින් විමර්ශණයකින් තොරව වසා දැමීම නොකළ යුතු බව ද බැසිල් රාජපක්ෂ මහතා පැවසීය.

කිරි නිෂ්පාදන වර්ධනය අරමුණු කොට ගෙන වතු සමාගම් 15ක් දායක කර ගනිමින් කිරි ගවයන් 15,000ක් ඇති කිරීමට පියවර ගෙන ඇතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අළුත්ගමගේ මහතා සඳහන් කළේය.

කුකුළු මස් සහ බිත්තර නිෂ්පාදනය පුළුල් කිරීම හා මහා පරිමාණ නිෂ්පාදකයින් අපනයන වෙළෙඳපොළට යොමු කිරීම පිළිබඳව ද සාකච්ඡා කෙරිණ. බිත්තර, කුකුළු මස් සහ ආශ්‍රිත නිෂ්පාදන අපනයනයෙන් 2020 වසරේ දී අමරිකානු ඩොලර් මිලියන 16ක විදේශ විනිමයක් ඉපැයීමට අපේක්ෂා කරන බව පෞද්ගලික අංශයේ ආයෝජකයෝ කීහ.

අමාත්‍ය මහින්දානන්ද අළුත්ගමගේ, රාජ්‍ය අමාත්‍ය ඩී.බී. හේරත්, ආර්ථික පුනර්ජීවනය පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බලකායේ ප්‍රධානී බැසිල් රාජපක්ෂ, ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර යන මහත්වරු, කැබිනට් සහ රාජ්‍ය අමාත්‍යාංශවල ලේකම්වරු, රේඛිය ආයතනවල ප්‍රධානිහූ සහ පෞද්ගලික ව්‍යවසායකයෝ සාකච්ඡාවට එක්ව සිටියහ.''


උපුටා ගැනීම අවසන්

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu