gossiplanka alexa ලෙබනනයේ පිපිරීමෙන් තවත් ජිවිත අහිමි වෙයි, බේරූට් වරායේ බලධාරීන් නිවාස අඩස්සියට

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ලෙබනනයේ පිපිරීමෙන් තවත් ජිවිත අහිමි වෙයි, බේරූට් වරායේ බලධාරීන් නිවාස අඩස්සියට

https://www.gossiplanka.com/2020/08/lebanan-blast.html
ලෙබනනයේ බේරූට් අගනුවර ඇමෝනියම් නයිට්‍රේට් ටොන් 2,750ක් ගබඩා කර තිබූ ගබඩාවේ සිදු වූ පිපිරීම නිසා ඇති වුණු කම්පනය ජපානයේ හිරෝෂිමා නගරයට හෙළූ පරමාණු බෝම්බයේ ප්‍රබලත්වයෙන් හරි අඩක් පමණ වන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. 

මෙම පිපිරීමෙන් මිය ගිය පුද්ගලයින් සංඛ්‍යාව මේ වන විට 135 දක්වා ඉහළ ගොස් ඇති අතර තුවාල ලැබූ සංඛ්‍යාව 4000කට අධිකයි. එසේම ලක්ෂ දෙකහමාරක පමණ පිරිසකට නිවාස අහිමි වී ගොස් තිබෙනවා.

මෙම ඇමෝනියා නයිට්‍රේට් කෘෂිකාර්මාන්තයේ දී පොහොර ලෙස භාවිතා කරන අතර පුපුරණ ද්‍රව්‍යයක් ලෙස ද භාවිතා කරනු ලබනවා. අනාරක්ෂිතව ගබඩා කර තිබූ මෙම ඇමෝනියා නයිට්‍රේට් තොගය ඉවත් කර ගන්නා ලෙස එරට රේගු බලධාරීන් මීට පෙර ද දැනුම් දී තිබෙන බව සඳහන්.

මේ වන විට බේරූට් වරායේ ප්‍රධාන නිලධාරීන් ‍රැසක් අදාළ පිපිරීම සම්බන්ධයෙන් විමර්ශන කටයුතු සිදු කිරීම සඳහා නිවාස අඩස්සියට පත් කර තිබෙනවා. එසේම සති දෙකක කාලයක් ලෙබනනය තුළ හදිසි තත්ත්වයක් ද පනවා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu