gossiplanka alexa කැලණි මිටියාවතෙන් දියවන්නාවට සුසමාදර්ශි නායකයෙක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

කැලණි මිටියාවතෙන් දියවන්නාවට සුසමාදර්ශි නායකයෙක්

ශ්‍රී ලාංකේය දේශපාලන ගමන් මගෙහි තීරණාත්මක සන්ධිස්ථානයකට අප පැමිණ සිටිමු. උගතුන් බුද්ධිමතුන් මැතිසබයට යැවිය යුතුය යන සමාජ කතිකාව වෙන කවරදාටත් වඩා ඉදිරියට පැමිණ ඇත. මව් බිමේ අපේක්ෂාව ද එය බව පෙනී යයි.

හාල් මිටියට, සෙවිලි තහඩුවට, බඩු මල්ලට ඡන්දය පාවා දෙනවා වෙනුවට ජාතික මෙහෙවරක් වෙනුවෙන් බර තැබීමට  කාලය එළඹ තිබේ. පවතින සකලවිධ අර්බුද හමුවේ වූවද දියෙන් කිරි වෙන් කරගත යුතුමයි. 

පවතින අනතුරෙන් ලාංකේය සමාජය ගලවා ගැනීමට නම්, අවංක කැපවීමක් සහ ප්‍රාමාණික දැනුමක් ඇති නිර්භීත  නායකයන් අත්‍යාවශ්‍යය. මහ පොළොවේ දූවිල්ල විස නොවන, දහඩිය සුවඳ අපූල නොවූ, සැබෑ ජනතා සේවකයකු නියෝජිතයෙකු සොයාගත යුතුව ඇත.  දුෂණයට හා අවනීතියට තිත තබන, ප්‍රතිපත්ති දේශපාලනයට ආදර්ශයක්  සැපයූ ප්‍රජාතන්ත්‍රවදියෙකු සොයා ගත යුතුව ඇත.

ඔහු කවුද ?

ඔහු අභීත  ජනමාධ්‍යවේදියෙකි. සෑම දුෂ්කර මොහොතකදීම  රට තනිකර නොගිය, තර්ජන, ගර්ජන මැද ඔහු සිය මාධ්‍ය වගකීම නොපිරිහෙලා ඉටු කළ බව අපි දනිමු. දූෂිත දේශපාලනයට එරෙහි සටනේ ප්‍රතිඵලයක් ලෙස සිරබත් කෑමට පවා ඔහු අදීන විය. 

දේශපාලන කරලියේ දිලෙන ඊනියා තරු මැද ඔහු පුන් සඳකි. ඔහු සන්නිවේදන විෂයෙහි ප්‍රවීණයෙකු වෙමින්  විද්‍යාර්ථින්ගෙ නැණ සාදනයට දායක වූවෙකි. කැලණි  ගං මිටියාවතේ, ඓතිහාසික සටන් බිමේ  වැල්ලම්පිටිය ග්‍රාමයේ උපන් සුසිල් සැබැවින්ම ලක් පොළොව සමඟ හුස්මගන්නා, ලාංකීය දේශපාලනයේ සුසමාදර්ශි දිශානතියයි.


මව් බිම දිනවීම උදෙසා...

වංචාවට හා දුෂණයට එරෙහි සටනේ  භූමිය විශාල කොට සැබෑ  ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක මුහුණුවර යළි පින්තාරු කරන්නට... මානව හිමිකම් රැකෙන  සැමට යුක්තිය හා සාධාරණය ඉටුවන දේශයක් තැනීමේ පැතුම යථාර්තයක් කරවන්නට. ගෝලීය ප්‍රවනතා අධ්‍යනය කරමින් දේශිය අධ්‍යාපන ව්‍යුහයේ නව ප්‍රතිස්ංස්කරණ තුළ, බුද්ධියෙන් සන්නද්ධ තරුණ ප්‍රජාවක් බිහිකරන්නට.


සේවා වියුක්තියට විසඳුම් සොයන්නට....

සුසිල් සිය දියවන්නා ආගමනයෙන් අපේක්ෂා කරයි. නිදහස් සේවා පුළුල් කර ජනතා සහන උපරිම කිරීමට, කෘෂි, ධීවර හා දේශිය කර්මාන්ත නඟා සිටුවීම මත ආර්ථිකය ඉහළට ඔසවා තැබීම ඔහුගේ ඉලක්කයයි. එමගින් ජනතාවගේ ජීවන තත්වය  උසස් තලයකට නැංවීම ඔහුගේ අභිප්‍රායයි .  ත්‍රිවිධ හමුදා විරුවන්ට , පොලිස් නිල දරුවන්ට, රාජ්‍ය නිලධාරීන්ට අභිමානය රැක ගනිමින් රටට සේවය කිරීමට හැකිවන ආකාරයේ ස්වාධින පරිපාලන ව්‍යුහයක් ගොඩ නැගීම ඔහුගේ සිහිනයක්.

සියළු ජන කොටස් වල අයිතීන් සුරැකෙන, විනය ගරුක දේශයක් බිහි කිරීමේ ඔහුගේ සිහිනය දැන් මල පල ගැන්විය යුතුමය. දැයේ දරුවන්ගෙ හෙට දවස උදෙසා, ජරාජීර්ණ වූ ලාංකේය දේශපාලන සංස්කෘතියට සුභාවිත අරුතක් එක් කළ යුතුය. 

පාලකයා යනු ජනතාව සූරා කන්නෙකු නොව, දේශය වෙනුවෙන් කැපවන පුරවැසි හදවත් ආක්‍රමණය කරන්නකු බවට පත්කිරීමේ අභියෝගය ජය ගැනීම සුසිල් කිඳෙල්පිටිය වැනි බුද්ධිමත්, ජවසම්පන්න තරුණ නායකයකුට පහසු කාර්යයකි.

ප්‍රජාතන්ත්‍රවාදය සුරැකි  රටක් වෙනුවෙන් කිඳෙල්පිටිය ගේ  අරගලය  මස්තක ප්‍රාප්තියට අවස්ථාව එළඹ තිබේ. පුද්ගලයකු නොව දේශයක් දිනවීමට.... ජාතියක් ගොඩනැගු එක්සත් ජාතික පක්ෂයෙන් මෙවර සුසිල් කිඳෙල්පිටිය ජනතා වරම් අපේක්ෂා කරයි.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu