![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhrL1TnDdclnnqV5mzCgezcAO579rejQ1D4jtBv97upaSBMgLAxGybSZWcCzws7mjk8EG7ZOFYKlhLv8-1o7_o44URTCtG2SatkTeBEgWR3MYUwCUaAHK9ml_sTJqs9uMUMpgkBH6ny0PZJ/s1600/1.jpg)
ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා සේවා නියුක්තිකයින්ට නිවාඩු ලබා දීම පාර්ලිමේන්තු පනතේ දක්වා ඇති නියමයන්ට අනුකූලව සිදු කරන ලෙස මැතිවරණ කොමිෂන් සභාව දන්වා සිටිනවා. ඒ අනුව ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ඉල්ලීම කරන ඕනෑම සේවා නියුක්තිකයෙකුට ඒ සඳහා සාධාරණ කාලයක් ලබා දිය යුතුවනවා.
ඒ අනුව සේවා ස්ථානයේ සිට ඡන්දපොලට ඇති දුර අනුව මෙම නිවාඩු ලබා දීම සිදු කළ යුතුයි.
එම දුර කිලෝමිටර 40ට අඩු නම් දින භාගයක් ද කිලෝමීටර 40 -100 අතර නම් එක් දිනක් ද කිලෝමීටර 100 - 150 අතර නම් දින එක හමාරක් ද කිලෝමීටර 150ට වැඩිනම් දින දෙකක් ද වශයෙන් සඳහන්.
යම්කිසි සේවා නියුක්තිකයෙක්ට මොනයම් හෝ ආයතනයකින් නිවාඩු ලබා නොදෙන්නේ නම් ඒ පිළිබඳව දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලයට දැනුම් දෙන ලෙස මැතිවරණ කොමිසම ඉල්ලා සිටිනවා.