gossiplanka alexa කොරොනා ආසාදිත මාරවිල කාන්තාව ආ ගිය තැන් ගැන අනාවරණයක් - සමාජයට කොරෝනා වෛරසය ව්‍යාප්තවීමේ අවදානමක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

කොරොනා ආසාදිත මාරවිල කාන්තාව ආ ගිය තැන් ගැන අනාවරණයක් - සමාජයට කොරෝනා වෛරසය ව්‍යාප්තවීමේ අවදානමක්

https://www.gossiplanka.com/2020/07/spread-corona-from-maravila-woman.html
න්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ රඳවා සිටින පුද්ගලයින් සහ කාර්ය මණ්ඩලය පීසීආර් පරීක්ෂණ සඳහා යොමු කිරීමේ දී ඔවුන් කිහිපයකට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වුණා.

එහි උපදේශිකාවක ලෙස සේවය කරන මාරවිල ප්‍රදේශයේ කාන්තාවකට ද නව කොරෝනා වෛරසය ආසාදිත යැයි එම පරීක්ෂණ වලින් සොයා ගැණුනා. නවතම වාර්තා අනුව ආරංචි මාර්ග සඳහන් කරන්නේ මෙම කාන්තාව පොදු ප්‍රවාහන සේවා වලද ගොස් ඇති බවත් තවත් ස්ථාන කිහිපයකට ගොස් ඇති බවත් ය.

ඇය කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ සිට නිවාඩු ලබා නිවස බලා ඒමේදී කන්දකාඩු මධ්‍යස්ථානයේ සිට පොළොන්නරුව බලා කැබ් රථයකින් පැමිණ ඇති අතර පොළොන්නරුවේ සිට කුරුණෑගලටත්, කුරුණෑගල සිට මීගමුවටත් ඇය පැමිණ ඇත්තේ පොදු ප්‍රවාහන සේවා භාවිතා කරමින්. ඇය ඒ සියළු අවස්ථාවලදී මුඛ ආවරණ පැළඳ සිටි බව සඳහන්.

ඇය නිවසට පැමිණීමෙන් පසු ඇයට තිබූ අසනීප තත්ත්වයක් නිසා ඇය පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානයකින් ද ප්‍රතිකාර ලබා ගෙන තිබෙනවා. එසේම ඇය අසල්වැසි නිවසකට ද ඇඳුම් මසන ස්ථානයකට ද ගොස් ඇති බව සඳහන්.

ඇයගේ පවුලේ සමීපතමයින් 07 දෙනෙකු මේ වන විට නිරෝධායනය සඳහා යොමු කර ඇති අතර ඇය ගිය ස්ථාන කිහිපයක පුද්ගලයින් ස්වයං නිරෝධායනය සඳහා යොමු කර තිබෙනවා.

ඇය ගමන් ගත් පොදු ප්‍රවාහනවල සිටි පුද්ගලයින් සෙවීම දැඩි අසීරු කටයුත්තක් බවට පත් වී ඇති බව ආරංචි මාර්ග සඳහන් කරනවා.

මේ අතර පුනරුත්ථාපනය වෙමින් සිටි පුද්ගලයින් බැලීමට පැමිණි ඥාතීන් කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානය වෙත ගොස් ආපසු පැමිණි ඇති අතර ඔවුන්ව නිසි නිරෝධායනයකට යොමු කර තිබුණත් අවදානමක් පවතින බවයි විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා සඳහන් කරන්නේ. කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් සොයා ගත් නව කොරෝනා පොකුර හේතුවෙන් සමාජයට නැවත වෛරසය ව්‍යාප්ත වීමේ අවදානමක් පවතින බවයි ඒ මහතා වැඩි දුරටත් පවසන්නේ.

එසේම කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් තවත් කොරෝනා ආසාදිතයින් වාර්තා විය හැකි බව යුධ හමුදාපතිවරයා පවසනවා.



ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu