gossiplanka alexa ජනාධිපති සහ ආරක්ෂක ලේකම්වරයා ඝාතනය කරන බවට මරණ තර්ජනයක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ජනාධිපති සහ ආරක්ෂක ලේකම්වරයා ඝාතනය කරන බවට මරණ තර්ජනයක්

කොස්ගොඩ තාරක සහ පොඩී ලැසී නමින් හඳුන්වන දැනට බූස්ස බන්ධනාගාරයේ රඳවා ඇති පාතාල සාමාජිකයින් දෙදෙනාගේ මෙහෙයවීමෙන් පසුගිය දා බූස්ස බන්ධනාගාරයේ ‍රැඳවියන් පිරිසක් ආහාර වර්ජනයක නිරත වුණා. 

මෙම ආහාර වර්ජනයට කංජිපානි ඉම්රාන්, වෙලේ සුදා ඇතුළු තවත් ප‍්‍රබල ගණයේ රැදවියන් පිරිසක් ද එක්ව සිටියා. ඔවුන් ඉල්ලා සිටියේ තමන් සිර මැදිරිවලින් පිටත රඳවා තබන කාලය දීර්ඝ කරන ලෙසයි.

මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරීන් කිහිපදෙනෙකු බන්ධනාගාරය වෙත ගිය අවස්ථාවේ දී මෙම පාතාල සාමාජිකයින් ජනාධිපතිවරයා සහ ආරක්‍ෂක ලේකම්වරයා ඝාතනය කරන බවට තර්ජනය කර තිබෙනවා. ඔවුන් බන්ධනාගාර උසස් නිලධාරීන්ට ද මරණ තර්ජන එල්ල කර ඇති බවයි වාර්තා වන්නේ.

මේ පිළිබඳව බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා විසින් වැඩබලන පොලිස්පතිවරයාට  ලිඛිතව පැමිණිලි කර තිබෙනවා. එම පැමිණිල්ලට අනුව වැඩබලන පොලිස්පතිවරයා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන්ට දන්වා ඇත්තේ මේ සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කරන ලෙසයි.

ඒඅනුව, අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මේ වන විට පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu