gossiplanka alexa ක්‍රිකට් ලෝක කුසලානය පාවාදීම ගැන මහින්දානන්දගෙන් තවත් ඉල්ලීමක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ක්‍රිකට් ලෝක කුසලානය පාවාදීම ගැන මහින්දානන්දගෙන් තවත් ඉල්ලීමක්

https://www.gossiplanka.com/2020/07/mahndananda-request.html
2011 ලෝක කුසලාන ක්‍රිකට් අවසන් මහා තරඟය පාවා දුන් බවට තමන් සැක කරනවා යැයි හිටපු ක්‍රිකට් අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ ප්‍රකාශ කිරීමත් සමඟම ඒ පිළිබඳ විමර්ශන කටයුතු ආරම්භ වුණා.  ක්‍රීඩා අමාත්‍යාංශයේ විශේෂ විමර්ශන ඒකකය විසින් ආරම්භ කළ මෙම විමර්ශනය සඳහා එවක ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ තේරීම් කමිටු සභාපති අරවින්ද ද සිල්වා, උපුල් තරංග සහ හිටපු නායක කුමාර් සංගක්කාර යන අය ප්‍රකාශ සටහන් කර ගැනීම සඳහා කැඳවා තිබුණා.

කෙසේ වෙතත් මෙම ප්‍රකාශ තුන සටහන් කර ගැනීමෙන් අනතුරුව අලුත්ගමගේ මහතා කළ ක්‍රිකට් පාවාදීමේ ප්‍රකාශය සම්බන්ධයෙන් කිසිදු සාක්ෂියක් නොමැති බැවින් මෙම විමර්ශන කටයුතු නවතා දැමීමට අදාළ නිලධාරීන් තීරණය කළා.

මේ පිළිබඳව ඇති නවතම තොරතුර නම් සාක්ෂි නොමැති බව පවසමින් මෙසේ විමර්ශන කටයුතු නවතා දැමීම පිළිබඳව පරීක්ෂණයක් ආරම්භ කරන්නැයි මහින්දානන්ද අලුත්ගමගේ ජනාධිපතිවරයාගෙන් ඉල්ලා තිබෙන බවයි.

කෙසේ වෙතත් හිටපු ක්‍රිකට් නායක අර්ජුන රණතුංග ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටින්නේ මහින්දානන්ද මහතාගෙන් යම් වරදක් සිදු වී ඇත්නම් ඔහු ක්‍රිකට් ක්‍රීඩකයින්ගෙන් මෙන්ම සියළු දෙනාගෙන් සමාව ගත යුතු බවයි.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu