gossiplanka alexa ලංකාපුර කොරෝනා ආසාදිතයා ආගිය ස්ථාන සොයා ගැනේ

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ලංකාපුර කොරෝනා ආසාදිතයා ආගිය ස්ථාන සොයා ගැනේ

https://www.gossiplanka.com/2020/07/lankapura-corona-patient-places.html
ලංකාපුර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ කොරෝනා ආසාදිත නිලධාරියා සමීපව ඇසුරුකල පුද්ගලයින් සොයා මේ වන විට විමර්ශන කටයුතු සිදු වනවා.

එම නිලධාරියාට කොරෝනා වෛරසය ආසාදිත යැයි අනාවරණය වීමත් සමඟම ලංකාපුර ප්‍රාදේශීය ලේකම් කාර්යාලය තාවකාලිකව වසා දැමීමට පියවර ගත්තා.

කොරෝනා ආසාදිත නිලධාරියා ගැවසුනු ස්ථාන විමර්ශනය කිරීමේ දී ඔහු ලංකාපුර ආයුර්වේද රෝහලකට, පොලිස් ස්ථානයට සහ බැංකුවකට ගොස් ඇති බව අනාවරණය වුණා.

එසේම මොහු ඇසුරු කළ පුද්ගලයින් හිඟුරග්ගොඩ, පොළොන්නරුව ආදි ප්‍රදේශ කිහිපයක විසිරී ඇති බව සොයා ගෙන තිබෙනවා.

එම නිලධාරියා ප්‍රදේශයේ පැවති අවමඟුල් උත්සවයක ද සහභාගී වී ඇති අතර එම අවමඟුල් උත්සවයේ භූමිදාන කටයුතු සඳහා සහභාගී වූ පුද්ගලයින්ට මත්පැන් සාදයක්ද පවත්වා තිබෙනවා. එසේම ඔහු ස්ථාන කිහිපයක දීම සාද පවත්වා ඇති බව අනාවරණය වුණා.

මේ වන විට වෛරස ආසාදිත නිලධාරියා ඇසුරුකල පුද්ගලයින් 50 දෙනෙකු නිරෝධායනයට යොමු කර ඇති අතර 200ක පමණ පිරිසකගේ පී.සී.ආර් පරීක්ෂණ සිදුකර ඇති බවයි සඳහන් වන්නේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu