gossiplanka alexa ''කොළඹින් වැඩිම මනාප ගන්නේ විමල්'' - දේශහිතෛශී වීරවංශයන්ට මහින්දගෙන් සහතිකයක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

''කොළඹින් වැඩිම මනාප ගන්නේ විමල්'' - දේශහිතෛශී වීරවංශයන්ට මහින්දගෙන් සහතිකයක්

https://www.gossiplanka.com/2020/07/wimal-weerawansa-feature-article.html
හින්ද රාජපක්ෂ අගමැතිතුමා වරෙක මෙසේ පවසයි.

මාව මැදමුලනෙ ජනේලෙ එල්ලුවා කියලා ජයපැන් බොන්න ෂැමිපෙන් බෝතලෙ කඩන්න කලින් විමල් මාව කොළඹ ගෙනාවා. ඒ විමල්ය. මහින්ද සුළඟින් අරඹා කුණාටුවක්ව අධිරාජ්‍ය ගැති කුමන්ත්‍රණකාර ආණ්ඩුවට නැවතිමේ තිත තබන තෙක් ඔහු සටන අත්හැරියේ නැත. 

වැදගත් වනුයේ මහින්ද නැවත කොළඹට ගෙන ඒම නොව, ඒ හරහා මව්බිමේ ස්වෛරිත්වයට ලබාදුන් සුරක්ෂිතභාවයයි. බටහිර පදයට වැනෙන රූකඩ පාලනය පසුබස්වා ‍දේශහිතෛෂි පාලන තන්ත්‍රයක් ස්ථාපනය කරගැනීමයි.

නව යටත්විජිතවාදි සෙවනැලි යලි යලිත් හොල්මන් කරන යුගයක විමල්ගෙ මැදිහත්විම දේශයට මහා අස්වැසිල්ලක් විය. විරුවන් ලෙයින් කඳුලින් රැකි දේශයකට යළි යළිත් ලංසු තබන නොරටුන් දණගස්වන රණ හඬක් ලෙස ඔහු ඉතිහාසය තුළ ස්ථානගතවී හමාරය. මව්බිමේ සුජාතයෙකු ලෙස ඔහුට හිමි වගකීම මැනවින් හඳුනාගනිමින් නොබියව නව නායකත්වයේ භුමිකාව නොපිරිහෙලා ඉටුකරන ඔහු දැයේ අනාගතයට වීරවංශයක් වන්නෙ එලෙසිනි.

රටට අහිතකර ගිවිසුම්, ව්‍යවස්ථා මර උගුල් ආදියෙහි නියම ප්‍රතිඵල දැන හැඳින ජාතිය දැනුවත් කිරීමේ වගකීම තනිවම හිස දරාගෙන,මව්බිම වටා ආරක්ෂක පවුර තනනුයේ විමල්ය.

බෙදුම් වාදයට එරෙහිව නිතැතින්ම ක්‍රියාත්මක වන ඔහු ත්‍රස්තවාදයට පිළිතුර යුධමය වශයෙන් පරාජය කිරීම බව පෙන්වා දුන්නා පමණක් නොව, ඒ වෙනුවෙන් සිය දායකත්වය උපරිම ලබාදුනි. දෙමළ ඩයස්පොරාවෙහි ජාත්‍යන්තර බලපෑම් සහ අතපෙවීම් දැඩිව එල්ලවුන ඒ සමයෙ මහින්ද රාජපක්ෂ රජයට ආයෝමය ශක්තියක් වෙමින් ඔහු මැතිසබය තුළත් පිටත් විශාල සේවයක් ඉටුකළ බව මව්බිමේ පස් පිඬු පවා දන්නා සත්‍යයකි. ජාත්‍යන්තර මෙන්ම මෙරට බලලෝභි දේශද්‍රෝහි බලවේග විමල් හමුවෙ දුර්මුඛ විය.

ත්‍රිවිධ හමුදාවන් එල්ලවන නොයෙක් චෝදනා අවලාද අපවාද වලට ලය දෙමින් රණවිරුවන්ගෙ ආත්මශක්තිය, ආත්මාභිමානය ඉහළ නංවමින් යුධ ජයග්‍රහණ පිටුපස ඔහු දැවැන්ත සෙවනැල්ලක් විය.

බෙදුම්වාදයට, ජාතිවාදයට, ආගම්වාදයට වැනි අන්තවාදය එරෙහි වන ඔහු සැබෑ ජාතික සමගියක් උදෙසා කැපවී සියියි.

රටේ ආර්ථිකය ගොඩ නැංවීම කෙරෙහි අවධානය යොමු කරන වීරවංශයන් ස්වයංපෝෂිත ආර්ථිකයක් කරා ලංකාව මෙහෙයවීමෙ යෙදි සිටි. දේශිය කර්මාන්තකරුවන් දිරි ගන්වමින් දේශියත්වය මත සවිමත් ආර්ථිකයක් බිහිකර ගැනීම ඔහුගේ ප්‍රයත්නය වේ. පසුගිය මාස කිහිපය තුළ අභාවයට යමින් තිබුණු දේශිය කර්මාන්ත කිහිපයක් නැවතත් පුනර්ජිවනය ලබන්නේ එලෙසිනි.

මත්ද්‍රව්‍ය උවදුරෙන් රට ගලවා තාරුණ්‍යයේ ජවයෙන් දේශයට සවියක් ලබා ගැනිමට පිළිබඳ ඔහු අවධානය යොමුකරමින් සිටි. එලෙසින්ම පාතාල ක්‍රියාකාරම් මුලිනුපුටා දැමීමට ඔහුගේ අවධානය යොමුව පවති.

දුෂණයෙන් වංචාවෙන් සුපිරිසිදු නායක්වයක් ලබාදෙමින් දේශයේ ජනතාවගේ සුවහසක් පැතුම් ඉටුකරලීමට ඔහු එදා මෙදා තුර කැපවී ක්‍රියාකර ඇති අතර ඉදිරියටත් ඔහුගේ ඒකායන අරමුණ වන්නෙ එයයි.

මව්බිමේ ස්වාධිනත්වය, භෞමික අඛන්ඩත්වය, ඒකීයභාවය වෙනුවෙන් නිරන්තරයෙන් පෙනි සිටි විමල් මහින්ද රාජපක්ෂයන් මෙන්ම වත්මන් ජනපතිදුන් බලයට ගෙන එමේ ව්‍යායාමයේ වැඩි වැඩියෙන් දහදිය හැලුවෙකි. කවදත් මව්බිමේ පැතුම මැනවින් හදුනාගත් විමල් මව්බිමේ විරවංශය වන්නෙ එලෙසිනි.

මෙවර මැතිවරණයටද කොළඹ දිසිත්‍රික්කය නියෝජනය කරමින් අංක 19 යටතේ ඔහු ජනවරමක් පතනුයේ දැයේ දරුවන්ගේ හෙට දවස උදෙසාය. එස් මහින්ද හිමි පැවසුවා මෙන් ගිය ගිය තැනම ජාතික හෙන හඬම තලන්නෙක් වේ නම් ඒ විමල් වීරවංශය. වැඩ කරපු, කරන නායකයෙකු ලෙස ඔහු මැතිසබය තුළ සිටියම යුත්තෙකි.ඒ රට වෙනුවෙනි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu