gossiplanka alexa ක්‍රිකට් ක්‍රීඩකයාගේ මෝටර් රථ අනතුරෙහි තවත් තොරතුරු අනාවරණයක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ක්‍රිකට් ක්‍රීඩකයාගේ මෝටර් රථ අනතුරෙහි තවත් තොරතුරු අනාවරණයක්

https://www.gossiplanka.com/2020/07/kusal-mendis-accident.html
ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රිකට් ක්‍රීඩක කුසල් මෙන්ඩිස්ගේ මෝටර් රථයේ ගැටී පුද්ගලයෙකු මිය යාම හේතුවෙන් කුසල් මෙන්ඩිස් මේ වන විට රිමාන්ඩ් භාරයේ පසුවනවා. ඔහු අද දින පානදුර මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

64 හැවිරිදි මියගිය පුද්ගලයා පාපැදියෙන් ගමන් කරමින් සිටිය දී මෙසේ අනතුරට ලක්ව තිබෙනවා.අනතුර සිදු වීමෙන් පසු කුසල් මෙන්ඩිස් මෝටර් රථයෙන් බැස  එම පුද්ගලයා නිරික්ෂණය කර නැවත මෝටර් රථයේ නැගී එම ස්ථානයෙන් පිටව ගොස් තිබෙනවා. ඉන්පසු තවත් පැයකට පසු ඔහු නැවත එම ස්ථානයට පැමිණ ඇති බවයි තොරතුරු වාර්තා වන්නේ.

අනතුරට පත් පුද්ගලයා රෝහල් ගත කර ඇත්තේ  පානදුර උතුර පොලිසියේ මැදිහත් වීමෙන්. ප්‍රදේශවාසීන් 1990 ගිලන් රථ සේවාවට කළ දැනුම් දීමකට අනුව එම සේවාව ඔස්සේ අනතුරට පත් පුද්ගලයා රෝහල්ගත කර ඇති බවයි වාර්තා වන්නේ.



ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu