gossiplanka alexa රියදුරු බලපත්‍ර සැකසීම යුධ හමුදාවට භාර දෙයි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

රියදුරු බලපත්‍ර සැකසීම යුධ හමුදාවට භාර දෙයි

https://www.gossiplanka.com/2020/07/driving-license-army.html
දැනට පුද්ගලික සමාගමක් වෙත පවරා ඇති රියදුරු බලපත්‍ර සකස් කිරීමේ කොන්ත්‍රාත්තුව ලබන වසරේ සිට ශ්‍රී ලංකා යුධ හමුදාවට භාර දීමට අවධානය යොමුව තිබෙනවා.

පුද්ගලික සමාගමකට මෙම කොන්ත්‍රාත්තුව භාර දීම හේතුවෙන් මෙරටට හිමි විය යුතු විශාල මුදල් ප්‍රමාණයක් වාර්ෂිකව විදෙස් රටකට ගලා යාම නතර කිරීම මෙහි අරමුණයි. සාමාන්‍යයෙන් පුද්ගලයෙකු රියදුරු බලපත්‍රයක් ලබා ගැනීම සඳහා ගෙවිය යුතු මුදල රුපියල් 1,340ක්.

අමාත්‍ය මහින්ද අමරවීරගේ ප්‍රධානත්වයෙන් ආරක්ෂක ලේකම් විශ‍්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න, යුද හමුදාපති ලූතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා යන අයගේ සහභාගීත්වයෙන් ඊයේ (14) පැවැත් වූ විශේෂ සාකච්ඡාවක දී මේ බව තීරණය වී තිබෙනවා.

එහිදී, ආරක්ෂක ලේකම් විශ‍්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා  කියා සිටියේ ඉතාමත් අඩු මුදලකට රියැදුරු බලපත‍්‍රය සකස් කිරීමට යුද හමුදාවට හැකි බවයි.

ශවේන්ද්‍ර සිල්වා මහතා අදහස් දක්වමින් එහිදී පැවසූයේ යුධ හමුදාවට කල නොහැක්කක් නොමැති බවත්  රියැදුරු බලපත් සකස් කිරීමේ කටයුතු ඉටු කිරීමට ශී‍්‍ර ලංකා යුධ හමුදාව සූදානම් බවත් ය.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu