gossiplanka alexa සමාජයෙන් කොරෝනා රෝගීන් හමුවීමේ අවදානමක්, රට තුළ කොරෝනා දෙවන ‍රැල්ලක් නෑ

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

සමාජයෙන් කොරෝනා රෝගීන් හමුවීමේ අවදානමක්, රට තුළ කොරෝනා දෙවන ‍රැල්ලක් නෑ

https://www.gossiplanka.com/2020/07/corona-spread-again.html
තංගල්ල නගරයේ කොරෝනා වෛරසය ව්‍යාප්ත වීමේ අවදානමක් පවතින බැවින් එම නගරයේ වෙළඳ සැල් වසා දමා තිබෙනවා.

කන්දකාඩු පුනුරුත්ථාපන මධ්‍යස්ථානයේ සේවය කරන කොරෝනා ආසාදිත හමුදා නිලධාරියෙකු තංගල්ල නගරයේ වෙළඳසැල් කිහිපයකටම ගොස් ඇති බව වාර්තා වීමත් සමඟම ව්‍යාපාරික ආයතන කිහිපයක්ම වසා දැමීමට තීරණය කර තිබෙනවා.

මේ අතර යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා ජනතාවට දැනුම් දෙන්නේ ඉදිරි දිනකිහිපය තුළ සාමාන්‍ය සමාජයෙන් කොරෝනා ආසාදිතයින් හමුවීමේ අවදානමක් ඇති බැවින් සියළු සෞඛ්‍ය ආරක්ෂන පිළිවෙත් අනුගමනය කරන ලෙසයි.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසන්නේ රටතුළ කොරෝනා දෙවන ‍රැල්ලක් මතු වීමේ සලකුණක් මේ වන විට නොමැති බවයි.

මේ වන විට කොරෝනා ආසදිතයින් සහ ඔවුන්ගේ සමීපතමයින් සියළුදෙනාම පාහේ නිරෝධායනයට ලක් කර ඇති බවත් රට තුළ කොරෝනා වෛරසය පැතිර ඇතියි කියන ප්‍රචාර අසත්‍ය බවත් එ අමහතා පවසනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu