gossiplanka alexa හෝමාගම,රත්නපුර,ගම්පහ,රාගම කොරෝනා බියක්, පෞද්ගලික රෝහලක්ද වසා දැමේ

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

හෝමාගම,රත්නපුර,ගම්පහ,රාගම කොරෝනා බියක්, පෞද්ගලික රෝහලක්ද වසා දැමේ

https://www.gossiplanka.com/2020/07/corona-update.html
න්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් ආරම්භ වූ කොරෝනා ‍රැල්ල මේ වන විට දිවයින පුරා ව්‍යාප්තවෙමින් පවතින තත්ත්වකට එළඹ තිබෙනවා.

රත්නපුර කලවාන ප්‍රදේශයෙන් ද කොරෝනා ආසාදිතයෙකු හමුවී තිබෙන අතර මේ වන විට කලවාන ප්‍රදේශයේ වෙළඳසැල් ද වසා දමා තිබෙනවා. එමෙන්ම කුරුවිට, ඇහැලියගොඩ සහ රත්නපුර  ප්‍රදේශවලින් ද කොරෝනා ආසාදිතයින් හමුවී ඇති අතර මේම සිව් දෙනාම කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ රාජකාරි කටයුතුවලට සම්බන්ධ පුද්ගලයින්. මෙම පුද්ගලයින්ගේ සමීප ඇසුරු කරන්නනම් මේ වන විට නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කර ඇති අතර තවත් 60 දෙනෙකු පමණ ස්වයං නිරෝධායනයට යොමු කර තිබෙනවා.

එසේම ගම්පහ දිස්ත්‍රික්කයෙන් ද කොරෝනා ආසාදිතයින් දෙදෙනෙකු වාර්තා වී තිබෙනවා.  එක් අයෙක් කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ උපදේශකවරයෙකු වන අතර අනෙක් පුද්ගලයා ඔහු සමඟ ගමන් ගත් රියදුරෙකු වනවා.

මෙම රියදුරා ගම්පහ අධිකරණයේ පැවති නඩුවකට ද සහභාගී වී ඇති අතර බිරිඳ සමඟ පිළිකා රෝහල වෙත ද ගොස් තිබෙන බව සඳහන්. එසේම ඔහු ප්‍රදේශ ‍රැසකම සංචරණය කර ඇති බව වාර්තා වනවා. ඔහු සාද කිහිපයකට ද සහභාගී වී ඇති බව තොරතුරු අනාවරණය වී තිබෙනවා. උපදේශකවරයාද දානමය කටයුත්තකට මෙන්ම ස්ථාන කිහිපයකටම ගොස් ඇති බව සඳහන්.

තවද හෝමාගම සහ ගොඩගමින් කොරෝනා වෛරසය ආසාදනය වූ යුධ හමුදා නිලධාරීන් දෙදෙනෙකු සොයා ගෙන තිබෙනවා. ඔවුන්ගේ සමීපතමයින් ද මේ වන විට නිරෝධායනයට ලක් කර ඇතිබවයි සඳහන් වන්නේ.

කන්දකාඩු මධ්‍යස්ථානයේ සේවයේ නියුතු තවත් හමුදා නිලධාරියෙකුට කොරෝනා ආසාදිත යැයි සැල වීමත් සමඟම අනුරාධපුර කැකිරාව ප්‍රදේශයේ පුද්ගලයන් 30ක් ස්වයං නිරෝධායනට යොමුකර තිබෙනවා.

එසේම රාජාංගනය ප්‍රදේශයේ අවමඟුල් උත්සවයට සහභාගී වූ ගිරිබාව ප්‍රදේශයේ පවුල් 17 කට අයත් පුද්ගලයන් 47 ක් ස්වයං නිරෝධායනයකට යොමු කර තිබෙනවා.

මේ අතර රාගම පිහිටි බ්‍රවුන්ස් මෙල්ස්ටා පුද්ගලික රෝහල ද වසා දැමීමට පියවර ගෙන තිබෙනවා. එහි කළමනාකරණ නිලධාරීවරයෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි අනාවරණය වීමත් සමඟම රෝහලේ බාහිර ප‍්‍රතිකාර අංශය මෙන්ම වෛද්‍යවරුන් චැනල් කිරීමද නවතා දමා තිබෙනවා. 

එසේම කොරෝනා ආසාදිත අයෙකු ඇසුරුකළ පුද්ගලයෙක්  කොළඹ මොබිටෙල් ප්‍රධාන කාර්යාලය වෙත පැමිණ ඇති බව තොරතුරු හෙළි වීමත් සමඟම එය වසා දැමීමට තිරණය කර තිබෙනවා.

එහි නිලධාරීන්ට නිවසේ සිට රාජකාරී කිරීමට උපදෙස් ලබාදී ඇති බවයි වාර්තා වන්නේ.


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu