gossiplanka alexa බස් රථ සහ දුම්රියවල යාචකයින්ට සිඟමන් යැදීම තහනම්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

බස් රථ සහ දුම්රියවල යාචකයින්ට සිඟමන් යැදීම තහනම්

https://www.gossiplanka.com/2020/07/begger-prohibited.html
පැතිර යන නව කොරෝනා වෛරසය පාලනය කිරීම සඳහා පුද්ගලික, ලංගම බස් රථ සහ දුම්රියවල යාචකයින්ට සිඟා කෑම තහනම් කිරීමට තීරණය කර තිබෙනවා. ප්‍රවාහන කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා මේ සම්බන්ධයෙන් එම ආයතනවල සභාපතිවරුන්ට හා දුම්රිය දෙපාර්තමේන්තුවේ සාමාන්‍යාධිකාරිවරයාට උපදෙස් ලබා දී තිබෙනවා.

බස් රථ සහ දුම්රියවලට ඇතුළුවන යාචකයින්ගේ ක්‍රියාකාරකම් කොවිඩ් 19 වසංගත තත්ත්වය ව්‍යාප්තියට බලපා හැකි බැවින් මෙම තීරණය ගෙන තිබෙනවා.

කෙසේ වෙතත් යාචක ජනතාවට දඬුවම් නොකරන ලෙසත් කොවිඩ් 19 වසංගත තත්ත්වය නිසා මුහුණ පැ හැකි අනතුර සම්බන්ධව ඔවුන්ට පැහැදිළි කර දී මෙම රෝගයෙන් ආරක්ෂා වීම සඳහා ගත හැකි පියවර ගැනීම හැමගේම වගකීමක් බව ඔවුන්ට පහදා දෙන ලෙසත් අමාත්‍යවරයා නිලධාරින්ට උපදෙස් දී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu