gossiplanka alexa ශ්‍රී ලාංකීය දේශපාලනයේ නැවුම් මාවතක පෙර දැක්ම

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ශ්‍රී ලාංකීය දේශපාලනයේ නැවුම් මාවතක පෙර දැක්ම

දීන ඉතිහාසයකට  උරුමකම් කියන අපි  යටත් විජිතවාදයේ හා බලලෝභි දේශපාලනයේ  ගොදුරක්ව සෑම ක්ෂේත්‍රයකම ගැඹුරු අගාධයක් කරා දිනෙන් දින ඇදී යමින් සිටිමු. 

දහසක් බලාපොරොත්තු ජනතාව මත පටවා  බලයට පැමිණි බොහෝ දේශපාලනඥයින් කටයුතු සිදු කළේ දේශයේ උන්නතියට නොව තම පෝෂණයට පමණි.

දැක්මක්, බුද්ධියක් හා ජාතික ප්‍රතිපත්තියක් අතැති, දේශයට හිතැති විශ්වාසවන්ත වරණයකට  අවස්ථාව එළඹ තිබේ. අතීත ශ්‍රී විභුතිය දේශය තුළ යළි ස්ථාපනය කිරීමට දැවැන්ත චින්තන විප්ලවයක අවශ්‍යතාව රට හමුවෙහි ඇත.

නියම දේශපාලන නායකත්වයක් තුළ අපගේ  දේශය නැවත දෙපයින් සිටුවා, පෙරදිග මුතු ඇටය බවට පරිවර්තනය කිරීමේ  හැකියාව ඇති බවට සාක්ෂි  වත්මන් සමාජය තුළ වරින් වර දක්නට ලැබේ.

විවිධ දක්ෂයින්, විශිෂ්ඨයින් උපන් ගෙයිම මිය යන තැනට වැඩ සදන පාලකයෝ  මෙතෙක්  මඟ පෙන්වූයේ  අගාධයට පමණි. උගත්, බුද්ධිමත් දූර්දර්ශි නායකයන් වඩ වඩාත් දේශයට අවශ්‍ය කරන්නේ එබැවිනි.

සුසිල් කිඳෙල්පිටිය යනු එවන් දූරදර්ශි දැක්මකින් හෙබි දිනෙන් දින දියුණුවන ලෝකය සමග  යාවත්කාලීන වන නායකයෙකි.

ඔහුගේ දේශපාලන ආගමනය තුළ ඇත්තේ  දේශය දිනවීමයි. ඔහු ඒ වෙනුවෙන් හදවතින්ම කැපවී සිටින බව  පැහැදිලිව පෙනේ.

පවුල් පාලනය සහ ඥාති සංග්‍රහය ශ්‍රී ලාංකේය දේශපාලන ව්‍යුහය තුළ මුල් බැස ගෙන ඇති රදල  සමාජ නටබුන් මත නිර්මාණය වූ ආණ්ඩු වලින් රටට සිදු වූ  යහපතක් නැත.

රාජ්‍ය පාලනයේ කිසිදු පරිචයක් නැති පවුල් පාලනයෙන් දේශපාලනයට පිවිසුණු බොහෝ දේශපාලනඥයින් කළේ  රටේ සම්පත් නාස්තිය,  වංචාව හා දුෂණය පමණි. ප්‍රජාතන්ත්‍රරවාදි රාමුව තුළ සුදුසුකම් සහිත පුද්ගලයන්ට දේශපාලනයේ දොරටු විවර කර යහපාලනය යථාර්ථයක් කිරීම ජනතාවගේ ද වගකීමකි.

රට අගතියට යද්දි, තමන් සහ ඥාතින් පමණක් නඟා සිටුවීමට දේශපාලකයන් ගන්නා කුහක, නරුම උත්සහය  දුර්මුඛ කොට සැබැ ජනතා සේවකයන් පාර්ලිමේන්තුවට කැඳවීම  සඳහා මඟ හෙළි පෙහෙළි කිරීම  කිඳෙල්පිටිගේ අපූරු උත්සාහයකි.

විභේදනයට ලක් වූ සමාජය වත්මන් පාලකයන්  තවදුරටත් විභේදනය කරමින් සංහිඳියාව බිඳ දමා අවසන්ය. එකිනෙකා කෙරෙහි සැකයෙන් හා වෛරයෙන් බැලීමට ජනතාව හුරුකර හමාරය. ඉරිතැලුන සමාජයේ යළිත් සාමය සංහිඳියාව රෝපණය කර සැමට සමාන අයිතිවාසිකම් සහිත නිදහස් රටක් උරුම කරදීම කිඳෙල්පිටිය ගේ  අපේක්ෂාවයි. ඒ සඳහා ජාතික වැඩපිළිවෙලක් ඔහු සතුය.

පරිපාලන බලය විමධ්‍යගත කොට වාර්ගික අර්බුදයට විසඳුම් සෙවීමේ වැඩ පිළිවෙළක් ඔහු සතුය. නිසි ජාතික ප්‍රතිපත්තියක් නොමැති වීම නිසා රටේ අධ්‍යාපන ක්ෂේත්‍රය අර්බුද  රැසකට මුහුණ දී ඇත. වරින් වර ආණ්ඩු මාරුවීමත් සමග සිදුවන ප්‍රතිසංස්කරණ සත්‍ය වශයෙන්ම අවශ්‍ය ඒවාද නැතහොත් වෙනසක් කිරීමේ අවශයතාව මත පමණක් පදනම් වුවාදැයි ගැටළු මතු වේ. අවශ්‍ය වන්නේ ජාතික ප්‍රතිපත්තියක් මත අධ්‍යාපන ප්‍රතිපත්ති සකසා අධ්‍යාපනයේ ගුණාත්මක බව වැඩි කර, ජාත්‍යන්තර රැකියා වෙළඳපොළ සහ උසස් අධ්‍යාපන අවස්ථා කෙරෙහි මෙරට දරුවන් යොමු කිරීමය.

වත්මන් ගෝලීය දේශපාලනය සහ නව ප්‍රවනතා පිළිබඳ මනා හැදෑරීමකින් යුත් සුසිල් කිඳෙල්පිටිය ඒ සඳහා සුදුසුම පුද්ගලයකු බව පැහැදිලිය.

රටේ සියලුම දෙනා හට එකසේ සෞඛ්‍ය පහසුකම් භුක්තිවිදිය හැකි සේ ප්‍රාදේශීය සහ පළාත් රෝහල් පද්ධතිය නඟා සිටුවීම, ප්‍රමාණවත් පරිදි භෞතික හා මානව සම්පත් වෙන් කර ප්‍රතිපාදන වැඩි කීරීම ඔහුගේ අරමුණයි,
ඖෂධ මාෆියාවෙන් ජනතාව මුදාගෙන නිසි ගුණාත්මක ඖෂධ ජනතාව වෙත ලබාගැනීමෙ ක්‍රමවේද පිළිබඳ ඔහුගේ අවධානය යොමු කර තිබේ.  ඒ සඳහා නව නීති හඳුන්වා දීම කෙරෙහි ද ඔහුගේ අවධානය යොමු වී ඇත.

ඉන් නොනැවති ජනතාවගේ පෞද්ගලික සෞඛ්‍ය ආරක්ෂාව කෙරෙහි ජනතාව තුළින්ම පෙළඹවීමක් ඇති කිරීම කෙරෙහි ඔහුගේ අවධානය යොමුව තිබේ. කිඳෙල්පිටිය තුළ අප දකින සුවිශේෂත්වය ද එයමය.

ඔහු ප්‍රශ්නයට පිළිතුරු සොයන්නේ ඵලය දෙසා බලා නොව හේතුවද මැනවින් හැඳිනගෙනය. කායික හා මානසික සෞඛ්‍යය පිළිබඳ ජනතාව සතු දැනුවත්භාවය වර්ධනය කොට ඒ ඔස්සේ නිරෝගීමත් සමාජයක් කරා ගමන්කිරීමේ අරමුණ හා සැලසුම් ඔහු සතුවේ.

වස විසෙන් තොර ආහාර රටාවක් කෙරෙහි ජනතාව නැඹුරු කිරීම, කෘෂි රසායනික ද්රව්ය අවම කොට කාබනික වගාවකට ජනතාව පෙළඹවීම ඔහුගේ අරමුණු අතර වේ.

නිරෝගි ජවසම්පන්න තාරුණ්යක් යනු දියුණු වන රටකට මහත් ආශිර්වාදයකි. පුද්ගලයාගේ කායික වර්ධනය මෙන්ම මානසික වර්ධනය උදෙසාද එය ඉතා වැදගත් කාර්යභාරයක්  ඉටු කරයි. පාසල් වියෙහි සිටම ක්රීඩාවට නැඹුරු කිරීම තුළ විනය ගරුක සහ නිරෝගීමත් පුරවැසියන් බිහි කරගැනීමට අවස්ථාව ලැබෙන බව ඔහු අවධාරණය කරයි. ක්‍රීඩා පිටි සහ ක්‍රීඩාගාර සැකසීම, ක්‍රීඩා උපකරණ බෙදා දීම වැනි ක්‍රීඩාව ප්‍රවර්ධන වැඩපිළිවෙල රැසක් ඔහු සතුව පවති. ඒ ඔස්සේ  මතින් තොර නිරෝගීමත් හෙටක් ගැන සිහින මැවීමට අවස්ථාව උදා වී ඇත.

රටේ ත්‍රිවිධ හමුදාව, බුද්ධි අංශ සහ පොලීසිය ශක්තිමත් කිරීම තුළ ජනතාවට පූර්ණ ආරක්ෂාවක් සපයා දීම ඔහුගේ අභිලාෂයයි. ඒ තුළ  සියලු ජනතාවගේ ආරක්ෂාව සහ අයිතීන් සුරක්ෂිත කිරීම සිදු වේ.

එසේම සියළු ආරක්ෂක අංශ සමාජිකයන්ගේ පහසුකම් වැඩිකොට, ඔවුන්ගේ සුබසාධන කටයුතු ඉහළ නැංවීමද ඔහුගේ දේශපාලන අරමුණු තුළ පවති.

රටේ මතුවෙමින් යන අපරාධ රැල්ල මුලුමනින්ම උපුටා දැමීමට අවශ්‍ය දේශපාලන මැදිහත්වීම සහ සහාය ආරක්ෂක අංශවෙත ලබාදීමට ඔහු බැඳී සිටි.

සැබෑ දේශපාලන දැනුමක් සහ පරිචයක් හිමි තරුණ දේශපාලනඥයෙක් ලෙස සුසිල් කිඳෙල්පිටිය ගේ ක්‍රියාත්මකභාවය තුළ රටට සහ පුරවැසියාට වඩා වඩාත් ප්‍රතිලාභ හිමිවන නන් වැදෑරුම් ප්‍රතිපත්ති සහ ක්‍රියාමාර්ග ඇතුළත්ව පවති. ඒ අතර

•    නිෂ්පාදන ආර්ථිකයක් ගොඩනැංවීම.
•    ගෝලීය වශයෙන් පවතින දේශපාලනික, ආර්ථික සබඳතා පුළුල්කර ගැනීම.
•    ගුණාත්මක ආයෝජන සහ දේශිය සම්පත් සුරක්ෂිතකරණය.
•    මාධ්‍ය නිදහස සුරැකීම සහ මාධයවේදින්ගේ සුබ සාධනයට මැදිහත්වීම.
•    කලා ක්ෂේත්‍රයේ උන්නතියට දායක වීම සහ රසවින්දනය දියුණු කිරීම කෙරෙහි පියවර ගැනීම.
•    කාන්තාවන්ට ආරක්ෂාව සහ ඔවුන්ගේ ගැටළු කෙරෙහි අවධානය යොමු කිරීමට ඔම්බුස්ට්මන්වරයකු   
     පත්කිරීම.
•    සෑම පවුලකටම නිවසක් ලබාගැනීමට අවස්ථාව සැකසීම.
•    වංචාව දුෂණය මැඬලීම


වැනි සුවිශේෂි සහ මෙතෙක් කිසිදු දේශපාලකයෙකුගේ අවධානය යොමු නොවූ  කරුණු කාරණා ඇතුලත්ව පවති.

දේශයේ අභිවෘද්ධිය උදෙසා විප්ලවීය සහ නිර්මාණාත්මක දේශපාලනයක සිහින දකින සුසිල් කිඳෙල්පිටිය ලෝකයෙ නව මානයන් පිළිබඳ මනා හැදෑරීමක්  ඇති  මිනිසෙකි. 21 වෙනි සියවස තුළ ලාංකීය දේශපාලනයේ  නැවුම් මාවතක් සනිටුහන් කිරීමට ඔහුට හැකිවන බව සක් සුදක් සේ පැහැදිලිය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu