gossiplanka alexa තිලංග සුමතිපාල ක්‍රිකට් පාවා දුන් බවට මහේලගෙන් නොකියා කියන ප්‍රකාශයක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

තිලංග සුමතිපාල ක්‍රිකට් පාවා දුන් බවට මහේලගෙන් නොකියා කියන ප්‍රකාශයක්

2011 ක්‍රිකට් ලෝක කුසලාන අවසන් මහා තරඟය ශ්‍රී ලංකා පිලට ජයග්‍රහණය කිරීමට හැකිව තිබියදීත් එය පාවා දුන් බවට හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අළුත්ගමගේ මහතා මාධ්‍ය සාකච්ඡාවකදී ප්‍රකාශ කිරීමත් සමඟම ක්‍රිකට් ක්‍රීඩකයින් ඇතුළු බොහෝ දෙනා එයට ප්‍රතිචාර දක්වා තිබුණා. 

මහේල ජයවර්ධන, කුමාර් සංගක්කාර, ලසිත් මාලිංග, අරවින්ද සිල්වා ඇතුළු බොහොමයක් දෙනා තම තම අදහස් නොයෙක් මාධ්‍ය ඔස්සේ ප්‍රකාශ කර තිබුණා. 

මේ අතර හිටපු ක්‍රිකට් සභාපති තිලංග සුමතිපාල මහතා මාධ්‍ය ප්‍රකාශයක් ලබා දෙමින් කියා තිබුනේ තමන් වැරැද්දක් කර නැත්නම් කිසිදු ක්‍රීඩකයෙකු අහක යන තොප්පි දා ගැනීම අනවශ්‍ය බවයි. 

මෙම ප්‍රකාශය දැඩි ලෙස විවේචනය කරමින් මහේල ජයවර්ධන තම ට්විටර් ගිණුමේ සටහනක් තබා තිබෙනවා. 

ඔහු එම ට්විටර් සටහනින් කියා සිටින්නේ හිටපු ක්‍රිකට් සභාපති තිලංග සුමතිපාල ක්‍රිකට් පාවා දීම් සම්බන්ධයෙන් ඉහළ අත් දැකීම් ඇත්තෙකු බවත් එනනිසා ඉදිරියේදී තොප්පි දා ගැනීමට හෝ ප්‍රතිචාර දැක්වීමට පෙර ඔහු සමග සාකච්ඡා කරන බවත් ය. 

හිටපු සභාපතිවරයාද ක්‍රිකට් පාවා දුන් බවට නොකියා කියන ප්‍රකාශයක් ලෙසයි බොහෝ පිරිස් මහේලගේ මෙම ප්‍රකාශය හුවා දක්වන්නේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu