gossiplanka alexa මහා ක්‍රිකට් පාවාදීමක් ගැන පැමිණිල්ල පිටු හයකින්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

මහා ක්‍රිකට් පාවාදීමක් ගැන පැමිණිල්ල පිටු හයකින්

2011 ලෝක කුසලාන අවසන් ක්‍රිකට් මහා තරඟය ශ්‍රී ලංකා කණ්ඩායම විසින් පාවාදුන් බවට කියමින් හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා කළ ප්‍රකාශය සම්බන්ධයෙන් විමර්ශන කටයුතු ආරම්භ වී තිබෙනවා. 

පොලිස් විශේෂ විමර්ශන අංශය විසින් මෙම පරීක්ෂණය සිදු කරන අතර එම විමර්ශන අංශය වෙත අදාළ පැමිණිල්ල මහින්දානන්ද අලුත්ගමගේ මහතා විසින් අද භාර දී තිබෙනවා. 

ඒ පොලිස් විශේෂ විමර්ශන අංශයේ නිලධාරීන් පිරිසක් නාවලපිටිය මහින්දානන්ද පදනම් කාර්යයාලය වෙත පැමිණි අවස්ථාවේදීයි. 

පිටු හයකින් සමන්විත මෙම පැමිණිල්ල සමඟ ලියකියවිලි අටක්ද මහින්දා අලුත්ගමගේ මහතා විමර්ශන අංශය වෙත භාර දී තිබෙනවා. 

ලොව ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම් 12ක් සම්බන්ධයෙන් තරඟ පාවා දීම් චෝදනා ඇති බවත් ඒ කණ්ඩායම් වලට ලංකාවද ඇතුළත් බැවින් ඒ පිළිබඳ විමර්ශන කටයුතු සිදු කරන ලෙස හිටපු ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා වෙත අන්තර් ජාතික ක්‍රිකට් කමිටුව විසින් ලිපියක් යොමු කරමින් හරීන් ප්‍රනාන්දු මහතා වෙත දන්වා තිබූ බවත් අලුත්ගමගේ මහතාගේ පැමිණිල්ලේ සඳහන්.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu