gossiplanka alexa කොරෝනා වසංගතයමැද වාහන කොල්ලකන ලීසිං සමාගම්වලට නීතිය ක්‍රියාත්මක වන ආකාරය

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

කොරෝනා වසංගතයමැද වාහන කොල්ලකන ලීසිං සමාගම්වලට නීතිය ක්‍රියාත්මක වන ආකාරය

https://www.gossiplanka.com/2020/06/legal-action-for-leasing-company.html
කොවිඩ් -19 වෛරස ව්‍යාප්තියත් සමඟම පීඩාවට පත් ජනතාවට සහන සැලසීමේ අරමුණින් ලීසිං ණය වාරික ගෙවීම සඳහා ජනතාවට සහන කාලයක් ලබා දෙන ලෙස රජය විසින් නිවේදනයක් නිකුත් කලා. රජය විසින් එසේ ලබා දුන් ණය සහන නොසලකා හරිමින් ඇතැම් ලීසිං ආයතන ක්‍රියා කරන බව පෙනෙන්නට තිබෙනවා.

මේ හේතුව නිසා වැඩබලන පොලිස්පතිවරයා සියළුම පොලිස් ස්ථානාධිපතිවරුන්ට උපදෙස් ලබා දී ඇත්තේ ලීසිං ණය වාරික ගෙවීම සඳහා රජය ලබා දුන් ණය සහන නොතකා ක්‍රියා කරන මූල්‍ය සමාගම්වලට එරෙහිව වාහන කොල්ලකෑම හෝ සොරකම් කිරීම යන චෝදනා යටතේ නීතිමය ක්‍රියා මාර්ග ගන්නා ලෙසයි.

එසේම මූල්‍ය සමාගම් විසින් එසේ යම් පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමේ දී එම පැමිණිල්ල සටහන් කරගැනීමට පෙර විමසා බලා රජය විසින් දුන් සහන කාලයට අදාළ පැමිණිලි භාර නොගන්නා ලෙසත් උපදෙස් ලබා දී තිබෙනවා.


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu