gossiplanka alexa විදෙස් ශ්‍රමිකයින් ගැන නොසලකා බෝරා මුස්ලිම්වරුන් ලංකාවට ගෙන්වා ගන්නේ ඇයි ?

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

විදෙස් ශ්‍රමිකයින් ගැන නොසලකා බෝරා මුස්ලිම්වරුන් ලංකාවට ගෙන්වා ගන්නේ ඇයි ?

https://www.gossiplanka.com/2020/06/bora-muslims-srilanka.html
විදේශ ගතව සිටින රටවිරුවන් විශාල පිරිසක් අනෙවත ලංකාවට පැමිණීමට බලාපොරොත්තුවෙන් සිටින මෙවන් අවස්ථාවක ඔවුන්ට වඩා ප්‍රමුඛත්වය ලබා දෙමින් ඉන්දියාවේ සිටින බෝරා මුස්ලිම් ජාතිකයින් මෙරටට ගෙන්වා ගැනීමට රජය තීරණය කර ඇත්තේ මුදල් නිසා ද යන්න හෙල බොදු සවිය සංවිධානය විස්න් ප්‍රශ්න කර සිටිනවා.

එම සංවිධානයේ සභාපති බුදුගල ජිනවංස හිමි මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් මේ බව අසා තිබෙනවා.  කොරෝනා වසංගතය පාලනය කිරීමට යැයි පවසමින් විදේශගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ට මෙරටට ඇතුල් වීමට අවසර ලබා දීම සීමා කර ඇති මෙවන් අවස්ථාවක පසුගිය කාලයේ සීසර් රාජ්‍ය වැසියන්ද ඉන්පසු බෝරා මුස්ලිම්වරුන් ද මෙරටට ගෙන්වා ගැනීම කිනම් පරමාර්ථයක්න් සිදු කරන්නේ ද යන්න එම සංවිධානය ප්‍රශ්න කරනවා.

ශ්‍රී ලංකාවේ කොරෝනා රෝගීන් විශාල වශයෙන් සුව වී නැවත නිවෙස් බලා යන බව ආණ්ඩුව විසින් ජනමාධ්‍ය ඔස්සේ කියා සිටිනවා. එසේනම් විදෙස්ගත ශ්‍රමිකයින් මෙරටට ගෙන්වා ගත නොහැක්කේ මන්දැයි ඔවුන් අසා සිටිනවා.

විදේශ විනිමය වැඩි ප්‍රමාණයක් ලබා දෙන විදෙස් ගත ශ්‍රමිකයින් ගැන අවතක්සේරු නොකර ඔවුන් මෙරටට ගෙන්වා ගැනීමට කඩිනම් පියවර ගන්නා ලෙස එම සංවිධානය රජයෙන් ඉල්ලා සිටිනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu