gossiplanka alexa දේශපාලන වේදිකාව කළඹන තවත් ආන්දෝලනාත්මක සාක්ෂියක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

දේශපාලන වේදිකාව කළඹන තවත් ආන්දෝලනාත්මක සාක්ෂියක්

ත්මන් ජනාධිපතිවරයා ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට පෙර නඩු කටයුත්තක් අලලා සිර ගත කිරීමේ දේශපාලන වෑයමේ තවත් ආන්දෝලාත්මක තොරතුරක් හෙළි වී තිබෙනවා. ඒ ඇවන්ඩ්ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති මහතා ජනාධිපති පරික්ෂණ කොමිසන් සභාවක් ඉදිරියේ දී සාක්ෂි දීමෙන් අනතුරුවයි. මෙම ජනාධිපති කොමිෂන් සභාව පිහිටවූයේ 2015 ජනවාරි 08 වැනිදා සිට 2019 නොවැම්බර් 16 දක්වා කාලසිමාව තුළ සිදුවුවා යැයි කියන දේශපාලන පළිගැනිම් පිළිබඳ පරික්ෂා කර තොරතුරු ලබා ගැනිම සඳහායි.
 
එහිදී සාක්ෂි ලබා දෙමින් නිශ්ශංක සේනාධිපති මහතා කියා සිටියේ තමන් විසින් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට මුදල් ලබා දුන්නේ යැයි  දිවුරුමක් දෙන්නේ නම් තමන්ව සියළුම නීතිමය ක්‍රියාමාර්ගවලින් නිදහස් කරන බව  අල්ලස් හෝ දුෂණ විමර්ෂණ කොමිසමේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ තමාට පැවසූ බවයි.

ඇවන්ගාඩ් නෞකාව අභූත නෞකාවක් ලෙස පවසමින් එවකට අමාත්‍යවරයෙකුව සිටි රාජිත සේනාරත්න මහතාගේ පෞද්ගලික උපදෙස් මත එවකට ගාල්ල ප්‍රදේශය භාරව සිටි නියෝජ්‍ය පොලිස්පති එස්.ඒ.ඩි. ගුණවර්ධන මහතා බී වාර්තාවක් ද ගොනු කර ඇති බව නිශ්ශංක මහතා මෙහිදී පවසා තිබෙනවා.

කෙසේ වෙතත් දිල්රුක්ෂි ඩයස් පසුව තමුන් අමතා සමාව ඉල්ලූ බවත් දේශපාලන බලපෑම් නිසා තමන්ට සහ ගෝඨාභය රාජපක්ෂ මහතාට නඩු පැවරුවේ යැයි පැවසූ බවත් නිශ්ශංක මහතා වැඩි දුරටත් සාක්ෂි ලබා දී තිබෙනවා.




ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu