Gossip Lanka Sinhala Gossip Lanka English Gossip Lanka Tamil

Advertisement

YOUR EXISTING AD GOES HERE

Latest News

Advertisement

Follow Us on Youtube

Gossip Lanka Youtube Channel

සෞඛ්‍ය අංශ සහ අත්‍යාවශ්‍ය කාර්ය මණ්ඩල දැඩි අවදානමකට නිරාවරණය වන බැවින් විදේශගත ශ්‍රමිකයින් මෙරටට ගෙන්වා ගැනීම තාවකාලිකව නතර කරනලෙස සෞඛ්‍ය අංශ නිර්දේශ ලබා දී තිබුණා. ඒඅනුව අද කටාර් සිට ශ්‍රී ලාංකිකයින් ගෙන්වා ගැනීමට සිටි ගුවන් ගමන් වාරය ද අවලංගු කෙරුණා. 
 
මේ වන විට කටාර් රාජ්‍යයේ කොවිඩ් -19 වෛරස් ආසාදිතයින් 1061 දෙනෙකු සිටින බව ආරංචි මාර්ග සඳහන් කරනවා. මොනයම් හේතුවකින් හෝ රට තුළ නැවත කොරෝනා වෛරසය ව්‍යාප්ත වුවහොත් ඒ සඳහා රෝහල් හා නිරෝධායන මධ්‍යස්ථානවල ඉඩකඩ මදිවීම නිසා බොහෝ ගැටළුවලට මුහුණ දීමට සිදුවන බවත් එම නිසා  විදෙස්ගත ලංකිකයන් කාල පරාසයක් ඇතිව නැවත දිවයිනට ගෙන්වා ගත යුතු බවත් සෞඛ්‍ය අංශ පෙන්වා දී තිබෙනවා.

තත්ත්වය මෙසේ තිබියදී විපක්ෂය විසින් අළුතින් සටන් පාඨයක් නිර්මාණය කරමින් කියා සිටින්නේ මැද පෙරදිග සිටින සියළු විදෙස් ශ්‍රමිකයින් මෙරටට ගෙන්වා නොගෙන මිස මැතිවරණයක් නොපවත්වන ලෙසයි. සමාජ ජාලා ඔස්සේ නොයෙක් මත පළ කරමින් විපක්ෂ ක්‍රියා කාරීන් මෙලෙස පවසා සිටිනවා.





Advertisement

තවත් පුවත්

Gossip Lanka Side News

Advertisement

Like Us on Facebook

gossip lanka facebook page