gossiplanka alexa රට තුළ පවතින තත්ත්වය මත මැතිවරණය පවත්වන්න පුළුවන් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල් ජනපති ලේකම්ට කියයි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

රට තුළ පවතින තත්ත්වය මත මැතිවරණය පවත්වන්න පුළුවන් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල් ජනපති ලේකම්ට කියයි

පාර්ලිමේන්තු මැතිවරණය දැනට රට තුළ පවතින තත්ත්වය හමුවේ ඉදිරියට ගෙන යා හැකි බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල් අනිල් ජාසිංහ තම සේවාදායකයා වන ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර ලිපියක් මගින් දන්වා ඇති බව ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා අද (22) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී තිබෙනවා.

සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා එම ලිපියෙන් කොරෝනා වෛරසය ආසාධිතයින් සුව වීමේ ප්‍රතිශතය ඉහළ අගයක් ගෙන ඇති බවත් මරණ අනුපාතය පහළ අගයක් සටහන් වීම තුලින් ශ්‍රී ලංකාවේ සාර්ථකව කොරෝනා වෛරසය මර්ධනය කර ඇති බවයි.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයා වැඩිදුරටත් පෙන්වා දී ඇත්තේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශ මත රජය කටයුතු කරමින් නිරෝධායන කටයුතු සිදු කර ඇති බවත් සෞඛ්‍ය පුරුදු ඉදිරියට සිදු කිරීම අවශ්‍ය බවයි.

ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා අධිකරණය හමුවේ ප්‍රකාශ කර ඇත්තේ වෛරසයට මෙතෙක් එන්නතක් සොයා නොගැනීමෙන් එය පැතිර යාමේ අවධානමක් පවතින බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයා ලිපියෙන් පෙන්වා දී ඇත්තේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu