ක්සත් ජනපද ජනාධිපතිවරුන් 11 දෙනෙකු යටතේ සේවය කළ හිටපු ධවල මන්දිර නිලධාරියෙකු වූ විල්සන් රූස්වෙල්ට් (Wilson Roosevelt Jerman) කොවිඩ් – 19 වෛරසය ආසාදනය වී මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.

මියයන විට ඔහුගේ වයස අවුරුදු 91ක් බවයි වාර්තා වන්නේ.

ඔහුගේ මිනිබිරිය වන ශාන්ත ටේලර් ඊයේ CNN පුවත් සේවයට අදහස් දක්වමින් පැවසුවේ මැයි 16 වනදා ඔහු මිය ගිය බවයි.

වර්ෂ 1957 දී ඔහු එවකට ජනාධිපති Dwight D. Eisenhower යටතේ පිරිසිඳු කරන්නෙකු ලෙස ධවල මන්දිරයේ සේවයට එක්ව තිබෙනවා.

හිටපු ජනාධිපති ජෝන් එෆ් කෙනඩි යටතේ ඔහු බට්ලර් තනතුරට උසස් කර ඇති බවයි වාර්තා වන්නේ.

ඔහු සිය වෘත්තීය ජීවිතය අවසානයේ දී ජනපති ඔබාමා යටතේ සේවය කර ඇති අතර වසර 50කට වැඩි කාලයක් කළ ඔහුගේ එම සේවය වෙනුවෙන් සමරු ඵලක හා කාසි පිරිනැමීමට සෑම ජනාධිපතිවරයෙකුම ක්‍රියා කර තිබෙනවා.