gossiplanka alexa පියා නිදහස් කරන ලෙස ඉල්ලා අයියයි මල්ලි පොලිස්ථානයක යකා නටයි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

පියා නිදහස් කරන ලෙස ඉල්ලා අයියයි මල්ලි පොලිස්ථානයක යකා නටයි

මාරවිල පොලිස්ථානයට කඩා වැදි කලහකාරී ලෙස හැසිරුණු පුද්ගලයින් දෙදෙනක් ලබන 27 වනදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මාරවිල දිසා විනිසුරු හා මහෙස්ත්‍රාත් හේෂාන්ත ද මෙල් ඊයේ නියෝග කර තිබෙනවා.

මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත්තේ නාත්තන්ඩිය මයිලෑව පදිංචි වව්නියාව හා කිලිනොච්චිය යුද හමුදා කදවුරු වල සේවය කරන යුද හමුදා සෙබලෙකු හා සාජන් මේජ්ර් වරයකු ලෙස සේවය කරන සහෝදරයින් දෙදෙනක් බවයි වාර්තා වන්නේ.

මෙම සහෝදරයින් දෙදෙනා 21 වනදා රාත්‍රියේ මාරවිල පොලිස්ථානය වෙත කඩා වැදී තිබෙනවා.

පුද්ගලයින් පහර දීමක් සම්බන්ධව මාරවිල පොලිස්ථානය විසින් අත්අඩංගුවට ගෙන සිටින භාරයේ සිට තම පියා නිදහස් කරන ලෙසට ඉල්ලා කළහකාරී ලෙස හැසිරී ඇති බවයි වාර්තා වන්නේ.

මාරවිල පොලීසියේ ප්‍රකාශකයෙක් කියා සිටියේ මෙම හමුදා සෙබළුන් දෙදෙනා බීමතින් සිට අශෝභන අයුරින් හැසිරී පොලිස්ථානය තුළ තිබු විදුලි පංකාවක් හා මහජනතාව පානිය ජලය ලබා ගැනීමට තිබු ජල පෙරණයටද හානි කර ඇති බවයි.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu