gossiplanka alexa ලක්විජය බලාගාරයේ සේවකයින් 9ක් හදිසියේ ලෙඩ වෙයි - බලාගාරයේ සේවකයන් 600 ආරක්ෂිතව රඳවා ගනී

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ලක්විජය බලාගාරයේ සේවකයින් 9ක් හදිසියේ ලෙඩ වෙයි - බලාගාරයේ සේවකයන් 600 ආරක්ෂිතව රඳවා ගනී

නොරොච්චෝල ලක් විජය බලාගාරයේ සේවකයින් පිරිසක් උණ රෝග ලක්ෂණ මතු වීම හේතුවෙන් වෛද්‍ය පරීක්ෂණයට යොමු කර තිබෙනවා.

ඒ අනුව රාජකාරිය වෙත පැමිණි 600 දෙනෙක් නැවත නිවෙස් වෙත යාම නවතා ආරක්‍ෂිත නේවාසිකාගාරයක් තුළ රඳවා ඇති බවයි වාර්තා වන්නේ.

බලාගාරයේ ගිණුම් හා මානව සම්පත් ඒකකයේ සේවය නියුතු නව දෙනෙක්ට මෙසේ උණ සහ උගුරේ වේදනාව ඇතුළු රෝග ලක්ෂණ පෙන්නුම් කර තිබෙනවා.

අදාළ සේවකයන් නව දෙනා මේ වන විට පුත්තලම මුලික රෝහලේ විශේෂ PCR පරීක්ෂණ සඳහා යොමු කර ඇති බවයි වාර්තා වන්නේ.

ශ්‍රී ලංකාවේ විදුලි අවශ්‍යතාවයෙන් 60%ක දායකත්වය ලක්විජය බලාගාරය විසින් සපයන අතර රටේ පැවැති තත්ත්වය හමුවේ එම බලාගාරයේ සේවකයින් සහ නිලධාරීන් 30% දෙනෙක් දායකත්වය ලබාගෙන තිබුණා.

ලක්විජය බලාගාරයේ සේවකයින් PCR සම්බන්ධයෙන් පුත්තලම මුලික රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය සුමිත් අත්තනායක මාධ්‍ය වෙත මෙසේ අදහස් දක්වුවා,

"මේ පිරිසගේ එතරම් රෝග ලක්ෂණ පෙන්නුම් කරලා නැහැ. එත් රෝගී වූ පුද්ගලයින් 9 දෙනා සහ අනෙක් සියලු දෙනාගේ ද PCR පරීක්ෂණ සිදු කරනවා. ඒ ඔවුන්ගේ ආරක්ෂාව වෙනුවෙන්. අද (23) ඒ වාර්තා ලැබෙනවා."
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu