ලක සිට හෙරොයින් මත්ද්‍රව්‍යයට ඇබ්බැහි වී සිටි ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩකයෙකු හෙරොයින් මත්ද්‍රව්‍ය සමඟ අත් අඩංගුවට ගෙන තිබෙනවා. මොහු ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ මුල් පෙලේ හිටපු ක්‍රීඩකයෙක්.



අත් අඩංගුවට පත්වන අවස්ථාවේ දී මෙම ක්‍රීඩකයා සතුව හෙරොයින් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 2යි මිලිග්‍රෑම් 700ක් තිබී ඇති බව ආරංචි මාර්ග සඳහන් කරනවා. 25 හැවිරිදි මෙම පුද්ගලයා අත් අඩංගුවට ගෙන ඇත්තේ පන්නල ප්‍රදේශයේ දීය.

මෙම ක්‍රීඩකයා සමඟ සිටි තවත් පුද්ගලයෙකු ද අත ඩංගුවට ගෙන ඇති අතර සැකකරුවන්  මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.