gossiplanka alexa කොරෝනා රෝග ලක්ෂණ මතුවූ කාන්තාවක් හෝමාගම ලැඟුම් හලකින් හමු වෙයි - ඇය සමඟ සිටි තවත් අයෙක් සොයා පොලිස් පරීක්ෂණ අරඹයි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

කොරෝනා රෝග ලක්ෂණ මතුවූ කාන්තාවක් හෝමාගම ලැඟුම් හලකින් හමු වෙයි - ඇය සමඟ සිටි තවත් අයෙක් සොයා පොලිස් පරීක්ෂණ අරඹයි

කොරෝනා රෝගය වැළඳී ඇති බව සැක සහිත රෝග ලක්ෂණ පෙන්නුම් කළ කාන්තාවක් හෝමාගම ප්‍රදේශයේ තාවකාලික ලැඟුම් හලක පැමිණීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මේ වන විට පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

එම කාන්තාව තවත් පුද්ගලයෙක් හා මේ ලැඟුම්හලට පැමිණ ඇති බවයි වාර්තා වන්නේ.

ඔහු ආරක්ෂක අංශයට සම්බන්ධ අයෙක් බවට සැක කරන අතර එම පුද්ගලයා ඊයේ (21) දිනයේ අදාළ ලැඟුම්හලෙන් පිටව ගොස් තිබෙනවා.

එම පුද්ගලයාගේ බවට සැක කෙරෙන ගමන් මල්ලක තිබී ආරක්ෂක අංශ භාවිතා කරන නිල ඇඳුම් කිහිපයක් ද සොයාගෙන ඇති අතර සැකකාර පුද්ගලයා සොයා පොලීසිය පරීක්ෂණ ආරම්භ කර ඇති බවයි පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේ.

මේ අතර ඔහු සමඟ සිටි කාන්තාව ඊයේ දිනයේ දී සැක සහිත රෝග ලක්ෂණ පෙන්නුම් කිරීම හේතුවෙන් 1990 ගිලන් රථයකින් කොළඹ ජාතික රෝහලට ඇතුලත් කර තිබෙනවා.

එම කාන්තාව අලව්ව ප්‍රදේශයේ 45 හැවිරිදි කාන්තාවක් වන බවයි හෝමාගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය ජගත් කුමාර කියා සිටියේ.

ඇයගේ වෛද්‍ය වාර්තාව අද (22) පෙරවරුවේ ලැබීමට නියමිත බවයි වාර්තා වන්නේ.

හෝමාගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී සඳහන් කළේ මේ අවස්ථාවේ ලැඟුම්හල් විවෘත කිරීම නීතිවිරෝධී බවත් ඇයට පමණක් ලැඟුම්හල විවෘත කර ඇත්තේ ද නීති විරෝධී ආකාරයෙන් බවයි.

එහි සේවකයන් දෙදෙනෙක් ද මේ වන විට නිරෝධායනයට යොමු කර තිබෙනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu