gossiplanka alexa ධිවර සහ නාවික කටයුතු වලින් නැවත දැනුම් දෙන තුරු ඉවත් වන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අවවාදාත්මක නිවේදනයක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ධිවර සහ නාවික කටයුතු වලින් නැවත දැනුම් දෙන තුරු ඉවත් වන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අවවාදාත්මක නිවේදනයක්

දිවයින වටා ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවල නැවත දැනුම් දෙනතුරු ධීවර සහ නාවික කටයුතුවල නොයෙදෙන ලෙස ධිවර සහ නාවික ප්‍රජාවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව දැනට මුහුදු ප්‍රදේශවල ධිවර සහ නාවික කටයුතු සිදු කරන පිරිස වහාම ගොඩබිම කරා ආරක්ෂිතව පැමිණෙන ලෙස එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ නිවේදනයේ සඳහන් වන්නේ ගිණිකොන දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව මේ වන විට ඇතිව තිබෙන අඩු පීඩන තත්ත්වය ඉදිරි පැය 12 තුල පීඩන අවපාතයක් දක්වා වර්ධනය විය හැකි බවයි.

මෙලෙස පවතින පීඩන අවපාතය හෙට (16) දිනය වන විට දකුණු බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ දී සුළි කුණාටුවක් දක්වා තවත් දුරටත් වර්ධනය ව ලබන 17 වනදා වන විට වයඹ දෙසටත් ඉන් පසු මැයි 18 සිට මැයි 20 දක්වා උතුරට බරව ඊසාන දෙසට හැරී උතුරු බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශ වෙත ගමන් කරනු ඇති බවයි එම දෙපාර්තමේන්තුව විශ්වාසය පළ කරන්නේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu