gossiplanka alexa සරසවියෙන් පිට වෙන කොට රැකියාවක් සොයාගන්න බැරි නම් එය නිවැරදි අධ්‍යාපන ක්‍රමයක් නොවේ - ජනාධිපති

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

සරසවියෙන් පිට වෙන කොට රැකියාවක් සොයාගන්න බැරි නම් එය නිවැරදි අධ්‍යාපන ක්‍රමයක් නොවේ - ජනාධිපති

විශ්ව විද්‍යාල අධ්‍යාපනය අවසන් කර සමාජයට පිවිසෙන උපාධිධාරීන්ට පහසුවෙන් රැකියාවක් සොයා ගැනීමට හැකිවන ලෙස උසස් අධ්‍යාපන ක්‍රමය සකස් විය යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පවසනවා.

එහිදී ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත්තේ විශ්ව විද්‍යාල අධ්‍යාපනය සම්බන්ධයෙන් කුමන අර්ථකතන පැවතියද සරසවියෙන් පිටතට යන තරුණ තරුණියන්ට රැකියාවක් සොයා ගැනීමට බැරි නම් එය නිවැරදි අධ්‍යාපන ක්‍රමයක් නොවන බවයි.

ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපති ප්‍රමුඛ විශ්වවිද්‍යාල උපකුලපතිවරු සමඟ ජනාධිපති කාර්යාලයේදී ඊයේ (15) පැවැති හමුවකදී.

ජනාධිපතිවරයා මෙහිදී කියා සිටියේ විශ්ව විද්‍යාලය සහ පාසල් විවෘත කිරීමට නම් සෞඛ්‍ය බලධාරීන්ගේ නිර්දේශ අනුව ආරම්භ කළ යුතු බවත් මේ වන විට හඳුන්වා දී ඇති දුරස්ථ අධ්‍යාපන රටාව තව දුරටත් දියුණු කර ගැනීමට මේ අවස්ථාව යොදා ගත යුතු බවයි.

විදේශගතව අධ්‍යාපනය ලැබූ සිසුන් විශාල පිරිසක් කොරෝනා වසංගතය හේතුවෙන් මෙරටට ගෙන්වා ගත්තද මේ තරම් විශාල පිරිසක් විදේශගත වීම යහපත් ලක්ෂණයක් නොවන බවයි ජනාධිපතිවරයා වැඩිදුරටත් පෙන්වා දී ඇත්තේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu