gossiplanka alexa කොරෝනා දෙවන රැල්ල අවොත් මැතිවරණය තියන්න බෑ - සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

කොරෝනා දෙවන රැල්ල අවොත් මැතිවරණය තියන්න බෑ - සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්

මැතිවරණ ක්‍රියාවලිය පැවැත්වීම සඳහා තමන් විසින් නිර්දේශයක් ලබා දී ඇතත්, යම් ලෙසකින් කොරෝනා වෛරසය තවත් සති තුනකින් නැවත පැමිණියහොත් මැතිවරණ නොව කිසිවක් කළ නොහැකි වනු ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ පවසනවා.

ඔහු එම කාරණය පැහැදිලි කරනු ලැබුවේ ජාතික නාලිකාවේ විශේෂ වැඩසටහනකට පසුගියදා (24) එක්වෙමින්.

කොරෝනා වෛරස රෝගය පාලනයත් සමග රට යළි විවෘත වන විට මහ මැතිවරණය පැවැත්වීමට අවශ්‍ය පසුබිම ද උදාවන බව ඔහු එහි දී ප්‍රකාශ කළා.

මැතිවරණයක් පැවැත්වීම රටේ ප්‍රජාතන්ත්‍රවාදය තහවුරුවීමක් බවත් මැතිවරණ සිතියම හැකිලීම රටේ ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් අහිමිවීමක් බවත් සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල්වරයා සඳහන් කරනු ලැබුවා.

එහි දී වැඩිදුරටත් අදහස් දක්වමින් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ

"රාජ්‍ය සේවයේ පළමු නිලධාරියා ලෙස ජනාධිපති ලේකම් පී.බී ජයසුන්දර විසින් මහමැතිවරණය පැවැත්වීමට අදාළ රටේ සෞඛ්‍ය වාතාවරණය පිළිබඳව මගෙන් ලිඛිතව විමසීමක් කළා. ඒ සඳහා රටේ පවතින සෞඛ්‍ය පසුබිම පිළිබඳව මා තොරතුරු දැනුම් දුන්නා. එය සිදුකළේ දේශපාලන කෝණයකින් බලා නොවෙයි. රට යළි විවෘත වුවත් කොරෝනා රෝග අවදානම අඩු වන්නේ නැහැ. එනිසා වෙනදා මෙන් නොව අප එදිනෙදා කටයුතු කරන විට රෝග පාලනයට අදාළ නිවැරදි සෞඛ්‍ය පුරුදු අනිවාර්යයෙන්ම පිළිපැදිය යුතුයි. ඒ සඳහා නිරෝධායන නීති තදින්ම ක්‍රියාත්මක කළ යුතුයි.” යනුවෙන් සඳහන් කර සිටියා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu