gossiplanka alexa වැලිසර නාවික හමුදා කඳවුර තුල සංචරණය සම්පුර්ණයෙන් නතර කෙරේ

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

වැලිසර නාවික හමුදා කඳවුර තුල සංචරණය සම්පුර්ණයෙන් නතර කෙරේ

වැලිසර නාවික හමුදා කඳවුර සහ අනෙකුත් කඳවුරු ආශ්‍රිතව මේ වන විට පවතින කොරෝනා වෛරසය සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට සිව් පුද්ගල වසංගත රෝග විද්‍යාඥයින් කණ්ඩායමක් පත් කර තිබෙනවා.

සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල් විශේෂ වෛද්‍ය අනිල් ජාසිංහ කියා සිටියේ අදාළ කණ්ඩායම විසින් එම වාර්තාව තමන් වෙත ලබා දී ඇති බවත් ඒ වාර්තාවට අනුව නාවික හමුදාවේ ඇතිවී තිබෙන කොරෝනා වෛරස තත්ත්වය පාලනය කිරීමට තමන් විසින් නිර්දේශ කිහිපයක් නාවික හමුදාව වෙත ලබාදුන් බවයි.

ඒ අනුව වැලිසර නාවික හමුදා කඳවුරේ සිට දුරබැහැර ප්‍රදේශවල සිටි නාවික සෙබළුන් එම ස්ථානවල පිහිටි කඳවුරු වෙත යොමු කිරීමෙන් පසුව පසුගිය දින කිහිපයේ නව ආසාධිතයන් වාර්තා වූ බවයි සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා සඳහන් කළේ.

එම වාර්තාව සැලකිල්ලට ගෙන කඳවුරු අතර සංචරණය සම්පුර්ණයෙන් නතර කරන ලෙස උපදෙස් මේ වන විට ලබා දී ඇති බවයි වාර්තා වන්නේ.

සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා වැඩිදුරටත් කියා සිටියේ මේ සම්බන්ධයෙන් සොයා බැලීමට වසංගත රෝග වෛද්‍යවරුන් ඇතුළු කණ්ඩායමක් පත් කර ඇති බවයි.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu