gossiplanka alexa ගුරුවරුන් දෙදෙනක් නිසා සිසුන් 14 දෙනෙක් ස්වයං නිරෝධායනයට යොමු කරයි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ගුරුවරුන් දෙදෙනක් නිසා සිසුන් 14 දෙනෙක් ස්වයං නිරෝධායනයට යොමු කරයි

ශ්‍රී ලංකාවේ කොරෝනා වෛරසය පැතිරීයාමේ අවධානම සමඟින් සෞඛ්‍ය අංශ විසින් නිකුත් කළ උපදෙස්වලට පටහැනි ලෙස තලවකැලේ නගරයේ ඉතා රහසිගතව පවත්වාගෙන ගිය බාහිර පන්තියක් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් වටලා තිබෙනවා.

ඒ අනුව එහි සිටි ගුරුවන් දෙදෙනෙක් සහ පන්තියට සහභාගී වූ සිසුන් 14 දෙනා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් භාරයට පත් කර ඇති බවයි වාර්තා වන්නේ.

තලවකැලේ ලිදුල නගර සභාවේ සභාපති අශෝක සේපාල කියා සිටියේ දිඹුල පතන සහ මස්කෙළිය ප්‍රදේශයේ පදිංචි බාහිර පන්ති පැවැත්වූ මෙම ගුරුවරුන් දෙදෙනා උසස් පෙළ විෂයයන් සහ තාක්ෂණ විෂයන් සම්බන්ධයෙන් බාහිර පන්ති පැවැත්වීමට නගර සභාවෙන් අනුමැතිය ලබාගෙන ඇති බවයි.

සෞඛ්‍ය අංශ විසින් ලබාදී ඇති උපදෙස් අනුව බාහිර පන්ති පවත්වාගෙන යාමට අවසර ලබාගෙන තිබු සියලු දෙනාට නැවත දැනුම් දෙනතුරු පන්ති ආරම්භ නොකරන ලෙසයි දැනුම් දුන් බවයි සභාපතිවරයා කියා සිටියේ.

මෙම ගුරුවරුන් දෙදෙනා කිසිඳු නිරෝධායන නීති අනුගමනය නොකරමින් බාහිර පන්තිය පවත්වාගෙන යන බව තොරතුරු ලැබුණු පසු නගර සභාවේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් හරහා එම ස්ථානය මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් භාරයට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

ඉන්පසුව තලවකැලේ පොලීසියට දැනුම් දීමෙන් අනතුරුව මෙම පන්ති පැවැත්වූ ස්ථානය දෙකම මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් මුද්‍රා තබා ඇති අතර පන්ති පැවැත්වූ ගුරුවරුන් දෙදෙනා සහ සිසු සිසුවියන් 14 දෙනා දින 14ක් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ අධීක්ෂණය යටතේ ස්වයං නිරෝධායනයට යොමු කර තිබෙනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu