gossiplanka alexa ඇමෙරිකාවේ දී දැරියක් දුෂණය කළ ශ්‍රී ලාංකිකයෙක් ගැන FBI විමර්ශන අරඹයි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ඇමෙරිකාවේ දී දැරියක් දුෂණය කළ ශ්‍රී ලාංකිකයෙක් ගැන FBI විමර්ශන අරඹයි

බාලවයස්කාර දැරියකට ලිංගික අතවරයක් සිදුකිරීම සම්බන්ධයෙන් චෝදනා ලබා සිටින ශ්‍රී ලාංකිකයෙක් සම්බන්ධයෙන් ඇමෙරිකාවේ FBI ආයතනය විසින් කරුණු සොයා බලමින් සිටින බවට වාර්තා වනවා.

ඉකුත් මාර්තු මස 07 වනදා චමින්ද පල්ලියගුරු නම් වූ මෙම ශ්‍රී ලාංකිකයා විසින් වයස අවුරුදු 13කට අඩු දැරියකට සිදුකළ ලිංගික අතවරයක් සම්බන්ධයෙන් පොලිසියට ලද පැමිණිල්ලක් මත ඔහුව අත්අඩංගුවට ගෙන පසුව ඇප මත මුදාහැර ඇති බවයි වාර්තා වන්නේ.

ඇප මත මුදාහැරිමෙන් පසුව මොහු අධිකරණයට ඉදිරිපත් නොවීම හේතුවෙන් පසුව ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කර තිබෙනවා.

මේ දක්වා ඔහු ගැන තොරතුරක් නොමැති බවයි එරට අධිකරණ පද්ධතියේ කරුණු ගොනු වාර්තා සඳහන් කරන්නේ.

මෙම පුද්ගලයාට දීර්ඝ කාලීන අපරාධ ඉතිහාසයක් ඇති බවට කරුණු අනාවරණය කර ගෙන ඇති අතර ඔහු දුෂණ ක්‍රියාවන්ට සම්බන්ධ බවට පොලිසිය විසින් අධිකරණය හමුවේ කරුණු ගොනු කරමින් සඳහන් කර තිබෙනවා.

මොහු 1973 වසරේ දී උපත ලබා ඇති අතර අමෙරිකාවේ පුරවැසිභාවය ලබා සිටින අයෙකි.

මෙම සැකකරු ශ්‍රී ලංකාවට හෝ කැනඩාවට පැන යන්නට ඇති බවට සැකපළ කර සිටිනවා.


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu