gossiplanka alexa මාර්තු 11 පැවැති තත්වයට රට ගෙන ඒමට නම් තවත් වසරක්වත් ගත වේවි - GMOA

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

මාර්තු 11 පැවැති තත්වයට රට ගෙන ඒමට නම් තවත් වසරක්වත් ගත වේවි - GMOA

හෙට (11) සිට රටේ ජන ජීවිතය අදියර කිහිපයකින් යථා තත්වයට පත් කිරීමට රජය සුදානම් වුවත් කොරෝනා රෝගීන් හඳුනාගැනීමට අදාළව සිදු කෙරෙන පරීක්ෂණ අඩු නොකළ යුතු බව රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය පවසනවා.

එම සංගමය පෙන්වා දෙන්නේ කොරෝනා රෝගීන් හා ඔවුන් ආශ්‍රය කළ ආශ්‍රිතයන් හඳුනාගැනීමේ සඳහා සිදු කරන පරීක්ෂණ පුළුල් කළ යුතු බවයි.

කෙසේ නමුත් රට මාර්තු 11 වනදාට පෙර තිබු තත්වය බලාපොරොත්තු නොවන ලෙසයි ඔවුන් ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.

එහිදී ජනතාවගේ සංචරණ සිමා තවදුරටත් පවත්වාගෙන යා යුතු බවත් මෙම ලිහිල් කිරීමෙන් පසුවද නව ආසාධිතයන් හමුවන්නේ නම් ඒ පිළිබඳව ද සැලකිලිමත් වියයුතු බව එම සංගමය පෙන්වා දෙනවා.

ජනතාව මේ වන විට පිළිපදින නිසි සෞඛ්‍ය ආරක්‍ෂිත ක්‍රමවේද අඛණ්ඩව පවත්වාගෙන යා යුතු බව ඔවුන් පවසනවා.

වැඩිදුරටත් එම සංගමය පෙන්වා දෙන්නේ රට මාර්තු 11 පැවැති තත්වයට ගෙන ඒමට නම් තවත් වසරක කාලයක් ගත විය හැකි බවයි.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu