gossiplanka alexa කොරෝනා අස්සේ ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම ශ්‍රී ලංකාවේ තරඟ සංචාරයට කැමැත්ත පළ කරයි?

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

කොරෝනා අස්සේ ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම ශ්‍රී ලංකාවේ තරඟ සංචාරයට කැමැත්ත පළ කරයි?

නිරෝධායන පටිපාටි වලට එකග වෙමින් එළැඹෙන ජූලි මස අග ශ්‍රී ලංකාවේ සංචාරයක නිරතවීමට ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම බලාපොරොත්තුවන බව හින්දුස්ථාන් ටයිම්ස් පුවත් පත වාර්තා කර තිබෙනවා.

එය සීමිත ඕවර් ක්‍රිකට් තරගාවළියක් වන අතර ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ භාණ්ඩාගාරික “අරුන් දුමාල්” පවසන්නේ තම රජය අවසර ලබාදුනහොත් පමණක් මේ සංචාරය සිදුවන බවයි.

ඉන්දියාව මෙලෙස සංචාරයකට සැරසෙනුයේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කළ ආරාධනයක් අනූව වන අතර කෙසේ වෙතත් තම ක්‍රීඩකයින්ගේ ආරක්ශාව සියල්ලටම වඩා වැදගත් බවද, යම් සෞඛ්‍ය හානියක් සිදුවෙතැයි යන සැකය මත එය සිදු නොවන බවද ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ ප්‍රකාශකයා වැඩිදුරටත් පවසා තිබෙනවා.

මෙම තරගාවලිය සීමිත ඕවර් තරග හයකින් යුක්ත වන අතර පන්දුවාර 50 තරග තුනක් සහ 20/20 තරග තුනක් අන්තර්ගතව ඇති අතර යම් හෙයකින් ඉන්දීය කණ්ඩාවයම ශ්‍රී ලංකාවට පැමිණියහොත් නිරෝධයන නීති වලට එකගවීමටද සිදුවනු ඇති.

යම් හෙයකින් ශ්‍රී ලංකා සංචාරය සිදු වුවහොත් විරාත් කෝලිගේ නායකත්වයෙන් යුත් ඉන්දීය කණ්ඩායම කොරෝනා අගුලු දැමීමෙන් පසුව ක්‍රිකට් පිටියට පිවිසෙන මුල් අවස්ථාව මෙය වනවා.

හින්දුස්ථාන් ටයිම්ස් පුවත් පතට අනූව ඉකුත් මාර්තු 25 වැනිදා සිට ඉන්දියාව අගුලු දමා ඇති නිසා ක්‍රීඩකයින් සිය නිවාස වලට කොටු වී සිට ඇති අතර ප්‍රධාන නගරවල සිටින බහුතරයට අවම වශයෙන් ශරීර සුවතාවය සදහා හෝ පිටතට පැමිණීමට නොහැකිව වී ඇති බවයි ටයිම්ස් පුවතේ වාර්තා වේ දැක්වෙන්නේ.

මේ සම්බන්ධයෙන් රජයේ ස්ථාවරය අපේක්ෂාවෙන් පසුවන ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය මෙතෙක් ක්‍රීඩකයින් වෙනුවෙන් එළිමහන් පුහුණු සැසියක් හෝ සංවිධාන කර නොමැත.

තම ආරාධනය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රකාශකයෙකු ද හින්දුස්ථාන් ටයිම්ස් වෙත ප්‍රකාශ කර ඇත්තේ,

“ඉන්දියානු ක්‍රිකට් පාලක මණ්ඩලය මේ සදහා සූදානම් ද කියලා කියන එක තවමත් අපැහැදිළියි එත් අප රටවල් දෙකෙහි ද්වීපාර්ශ්වික බැදීම් වලට ගරු කරන බව පැවසුවා".
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu